මොඩියුලයේ අසභ්‍ය අඩවිය මං දැන සිටියා.. කිවුවෙ නෑ...- ජනපතිගේ බෝඩිමේ යාළුවා..

 


6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ් අඩවියක් ලෙස දිස්වන බවයි.

සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙය හුදු අත්වැරදීමකින් සිදු වූ දෙයක් නොවන බව ජනනායක මහතා අවධාරණය කරයි. "නැෂනල් ජියෝග්‍රැෆික්"  වැනි පිළිගත් වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබියදී මෙවැනි අඩවියක් තෝරා ගැනීම පිටුපස කිසියම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් පවතින බවට ඔහු සැක පළ කරයි. 

අහු නොවුණොත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවන බවත්, අහු වුවහොත් එය අත්වැරදීමක් ලෙස හැඳින්වීම සාමාන්‍ය සිරිත වී ඇති බවත් ඔහු පවසයි.

තමන් මීට මාසයකට පමණ පෙර සිට දැනුවත්ව සිටියද, අදාළ වෙබ් අඩවියට ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය. 

කෙසේ වෙතත්, මේ වන විට ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා මගින් පවා මෙම වෙබ් අඩවියේ නම සහ QR කේත ප්‍රචාරය කිරීම හරහා එම අඩවියට ලංකාව පුරා නොමිලේ විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි.

හානිය සිදුවී අවසන් ජනනායක මහතා පවසන්නේ දැන් එම කොටස පෙළ පොතෙන් ඉවත් කළද, අදාළ වෙබ් අඩවිය නිර්මාණය කළ පිරිසගේ අරමුණ දැනටමත් ඉටුවී ඇති බවයි. 

තිස්ස ජනනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සරසවි මිතුරෙක් බව පැවසෙන අතර ඔවුන් දෙදෙනා සරසවි සමයේ එක කාමරයක රැඳී සිටි ජනනාවක මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබේ.

5 Comments

  1. කැලේ දිගේ නරි එනවෝJanuary 6, 2026 at 8:05 AM

    පල පොන්නයො බොරු නොකියා..

    ReplyDelete
    Replies
    1. පොන්නයෙක් කියලා කොහොමද දැනගත්තේ ?එකට හිටියද ?

      Delete
    2. අනුර එක්ක එක room එකේ හිටිය නිසා ද එහෙම කියන්නේ?

      Delete
  2. මේවා වැරදීම් නොවෙයි දේශපාලන උපක්‍රම.
    දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම උදෙසා සිතාමතාම ක්‍රියාත්මක කරනු ලබන නින්දිත ප්‍රෝග්‍රෑම්.
    ලාංකික ළමා සහ තරුණ පරම්පරාව අධ්‍යාපනය පසෙකලා සාමාන්‍ය හෝ විකුර්ති ලිංගික ආශාවන් පසුපස හඹායන කාමාක්ශිත, නිකමුන් පිරිසක් වී ඔවුන් වැඩිහිටියන් වූ දිනෙක අනාගතයේදී ඔවුන්ට දේශපාලකයන්ගේ පිහිට පතා ඔවුන් පසුපස යනවා හැර වෙනත් පිළිසරණක් නැත.
    මැයි දින රැළිවල හෝ වෙනත් දේශපාලන රැළිවල වැඩියෙන්ම දඟලන්නේ දුප්පත්, ඉගෙන නොගත් තරුණ තරුණියන්ය.
    යමක් කමක් ඇති දෙමවුපියන්ගේ හෝ දේශපාලකයන්ගේ දරුවන් මැටි වැඩ කරමින් දඟලනු දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නිදහස් අධ්‍යාපනය ඇතත් නැතත්, යමක් කමක් ඇති දෙමවුපියන් ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය කෙසේහෝ ගොඩදමා දෙති.
    නමුත් රටේ බහුතරය නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ය. ඔවුන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් කැක්කුමක් ඇති සියළුම වැඩිහිටියන් රට, ජාතිය, ආගමික සංකල්ප, සංස්කෘතිය විනාශ කර දමන මෙවැනි දැක්කොත් බුවා නොදක්කොත් එබුවා ආකාරයේ දුෂ්ඨ වැඩසටහන් වලට එකාමෙන් විරුද්ධ විය යුතුව ඇත.

    ReplyDelete
Previous Post Next Post