සජිත්ට නායකකම ඉල්ලයි... රනිල්ට උපදේශකකම දෙන්නම්ලු..

 


සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩ­න­ඟන සන්ධා­නයේ නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාස මහ­තාට හිමි විය යුතු බව සමගි වනිතා බල­වේ­ගයේ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රිනි චමි­න්ද්‍රානි කිරි­ඇල්ල මහ­ත්මිය පැව­සු­වාය.

ඇය මේ බව පැව­සුවේ මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“පක්ෂ දෙකේ එක­තුව සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථ­කව සිදු වෙමින් පව­ති­නවා. හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා බොහෝ දුරට එහි උප­දේ­ශක ලෙස කට­යුතු කරයි. මේ වන විට පක්ෂ දෙක බිම් මට්ට­මින් එකතු වෙමින් තිබෙ­නවා. හරි වෙලා­වට ඉහළ නාය­ක­ත්වය එක­තු­වීම සිදු වෙයි. පසු­ගි­යදා විපක්ෂ නාය­ක­ව­ර­යාගේ උපන් දින උත්ස­ව­යට එජා­පයේ හිටපු මැති ඇමැ­ති­ව­රුන් සහ­භාගි වුණා. එය හොඳ ආර­ම්භ­යක්. විපක්ෂ නායක ලෙස කට­යුතු කරන සජිත් ප්‍රේම­දාස මහ­තාට මේ ගොඩ­නැ­ඟෙන සන්ධා­නයේ නාය­ක­ත්වය හිමි විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාව­රය. සක්‍රිය දේශ­පා­ල­නයේ නිරත වෙන්න බලා­පො­රො­ත්තු­වක් නැති බව හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. රට මේ අව­ස්ථාවේ ඉල්ලා සිටි­න්නෙත් තරුණ නාය­ක­ත්ව­යක්. ඉදි­රි­යේදී පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වු­වොත් මේ පක්ෂ දෙක එකතු වෙලා තරග කරයි.

රටේ අනා­ග­තය ගැන කල්පනා කළත් මේ එක­තු­වීම අත්‍ය­වශ්‍ය බව තමයි අපේ හැඟීම. ආණ්ඩුව කරන හොඳ දේට සහ­යෝ­ගය දෙන්න අප සූදා­නම්. මේ රටේ ජන­තා­වට, ඉදිරි පර­ම්ප­රා­වට ආණ්ඩුව වැරදි දෙයක් කර­නවා නම් විප­ක්ෂයේ වග­කීම සහ මූලික කාර්ය­භා­රය ඒ සම්බ­න්ධ­යෙන් විරෝ­ධ­තාව පළ කිරී­මයි. නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ අව­ශ්‍යයි කියන මතයේ අප සිටි­නවා. හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂ­යට අදාළ මොඩි­යු­ලයේ ප්‍රශ්නය සම්බ­න්ධ­යෙන් විප­ක්ෂය වගේම ගුරු­ව­රුන් සහ මවු­පි­යන් ද විරෝ­ධය දැක්වූවා. අග­මැ­ති­නිය මහ­නා­යක හිමි­ව­රුන් හමු­වට පැමිණ වර­දක් සිදුව තිබෙන බව පිළි­ගත්තා. නවීන ලෝක­යට ගැළ­පෙන ලෙස අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සිදු විය යුතුයි කියන ස්ථාව­රයේ අපි ඉන්නවා.”

අසේල කුරු­ළු­වංශ 

1 Comments

  1. සජිත් තරුණයෙක්ද? අනේ මන්ද, කාටද පිස්සු කියල?

    ReplyDelete
Previous Post Next Post