6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අයථා වෙබ් අඩවි ලිපිනයක් එක්වීම, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කළ සංවිධානාත්මක ක්‍රියාවක් දැයි සොයා බැලීමට රහස් පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම සිදුවීම පිටුපස කිසියම් දේශපාලනික හෝ රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් පවතින්නේ ද යන සැකය මත පරීක්ෂණ කටයුතු පුළුල් කර ඇති බවයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
මෙම සිද්ධියට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාව එළඹෙන සතිය තුළ බලධාරීන් වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.

ඇත්ත
ReplyDeleteජත්‍යන්තර කුමන්ත්‍රණයක් නෙමෙයිද?. ගොබ්බො.
ReplyDeleteමොඩියුලයට අසභ්‍ය ලින්ක් දමා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න් පුලුවන් තරම් විපක්ෂය බලවත් නොකියා අපේ අතපසුවිමක් කියන්න තරම්වත් මාලිමා නපුංසකයින්ට මොළයක් නැද්ද?
ReplyDeleteබලවත් නෙමේ බං. චීත්ත, මල් මල් ජංගි අඳින වැඩ කරන විපස්සෙ ඕක
Delete