එෆ්. අස්ලම්
අල්ලස හා දූෂණයට චෝදනා එල්ලවන බහුතර පොලිස් නිලධාරින් ඊට පෙලඹී ඇත්තේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වීමෙන් යැයි නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.
ලැබෙන වැටුප මුළුමනින්ම සූදුවට යටවීම මත විෂමාචාර ක්‍රියාවන් මගින් මෙම නිලධාරින් මුදල් ඉපයීමට පෙලඹී ඇතැයිද මෙය නෛතික රාමුවක් තුළ පාලනය කළ නොහැකි තත්ත්වයක් වී ඇතැයිද පොලිස්පතිවරයා කීවේය.
පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බොහෝ දෙනකු ද ඔන්ලයින් සූදු ක්‍රීඩාවට පෙලඹී ඇතැයි වාර්තා වන බවද, ඊට අමතරව රාජ්‍ය අංශයේ නිලධාරින් ද එම තත්ත්වයට ලක්ව සිටින බවද කී පොලිස්පතිවරයා මේ තත්ත්වය මත සියදිවි නසා ගැනීම්, පවුල් ආරවුල්, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, අපරාධ ඉහළ ගොස් ඇතැයිද සඳහන් කළේ ය.
ඔන්ලයින් සුදු ක්‍රීඩාව බරපතළ සමාජ ව්‍යසනයක් වී ඇතැයිද එය නරක අතට හැරී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.
මීට අමතරව පොලිසියේ රාජකාරි කරන නිලධාරින් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වීමද වැඩි වශයෙන් නිරීක්ෂණය වී ඇතැයිද එම තත්ත්වය පාලනය කරගැනීමට උසස් නිලධාරින්ට උපදෙස් දී ඇතැයි ද පොලිස්පතිවරයා කීවේය.
- අරුණ

හොරා - පොලිස්/ සූදු අන්තු - පොලිස්/ බේබදු - පොලිස්/ සල්ලාල - පොලිස්/ ත්‍රාඩ - පොලිස්/ පඩ ජෙප්පා - පොලිස්/ ... = 99%
ReplyDeleteගුණවත්, යහපත්, බුද්ධිමත්, වැදගත්, සාධාරණ - පොලිස් = 1%
Hamudawe aya SPA ganika niwasa bada ganawa kiyanne attada ?
ReplyDelete