දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දී ඇතත්, ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
සභාපතිවරයා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක්ව පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අවස්ථා හතරකදී පමණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපි යොමු කර ඇති බවයි.
"අපි දැනට පවතින්නේ ඉතා අසීරු තත්ත්වයකයි. මේ මොහොතේ අපට කළ හැකි කිසිවක් නැහැ. සියල්ල අපගේ පාලනයෙන් බැහැර වී තිබෙනවා. අදාළ නීතිමය සංශෝධන සිදු කරන තෙක් මැතිවරණ කොමිසමට ඉදිරි පියවරක් තැබිය නොහැකියි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටියත් මෙතෙක් ප්‍රතිචාර ලැබී නැහැ."
මීට පෙර අවස්ථාවකදී සභාපතිවරයා පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම හා නව සීමා නිර්ණය ක්‍රියාවලියකින් පසුව මැතිවරණය පැවැත්වීම ලෙස විකල්ප දෙකක් පවතින බවයි.
පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමෙන් ඉතා ඉක්මනින් ඡන්ද විමසීම සිදු කළ හැකි බවත්, නව සීමා නිර්ණයකට යන්නේ නම් ඒ සඳහා වසරකට ආසන්න කාලයක් ගත වන බැවින් එම කටයුතු ප්‍රමදයකින් තොරව ආරම්භ කළ යුතු බවත් ඔහු අනතුරු ඇඟවීය.
2015-2020 කාලසීමාව තුළ එවකට පැවති රජය විසින් හඳුන්වා දුන් මැතිවරණ නීති සංශෝධනයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය වසර ගණනාවක් තිස්සේ ඇණහිට ඇත. සීමා නිර්ණය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප වීම නිසා සමස්ත ක්‍රියාවලියම අවිනිශ්චිත තත්ත්වයට පත්විය.
පසුගිය 2025 මැයි 06 වන දින පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් වූ පසු පළාත් සභා මැතිවරණය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කරන බවට රජය පොරොන්දු වුවද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නැත. මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද රජය සැලසුම් කර ඇත.

ජෙප්පොත් හිටපු සිරිසේන ආණ්ඩුව රට විනාස කරලා.
ReplyDeleteමුන් කවදාවත් ඡන්ද තියෙන එකක් නෑ කියලා හිතෙනවා.
ReplyDeleteගිය අවුරුද්දේ මේ ආණ්ඩුවේ අමුඩ ජෙප්පෝ ලොකු ටෝක් දුන්න නේද 2026 ජනවාරි වල අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දෙ තියෙනව කියල ඇයි දැන් මේ නැට්ට පුකේ ගහගෙන.
ReplyDelete