කෙහෙළියගේ ඖෂධ නඩුවේදී සාක්කිකරුවන්ගෙන් ලොකු රහස් රැුසක්..

 


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ සිදුවූ බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදී අනාවරණය වන තොරතුරු පදනම් කරගනිමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ සහ දැනටමත් සිදුවෙමින් පවතින සියලු දූෂණ වංචා පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටියි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, අදාළ නඩු විභාගයේදී සාක්ෂිකරුවන් මගින් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බැවින්, ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් ඒකකය යන ආයතන තුළ දීර්ඝ කාලයක සිට සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව මාධ්‍ය මගින් නිරන්තරයෙන් කරුණු අනාවරණය කර ඇත. එහෙත් වර්තමාන සෞඛ්‍ය බලධාරීන් හිටපු අමාත්‍යවරයාගේ සිද්ධියට මුවා වී අනෙකුත් දූෂණ චෝදනා වසා ගැනීමට උත්සාහ දරන බවට සැකයක් පවතින බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

බාල ඖෂධ සිද්ධිය එක් නඩුවකට පමණක් සීමා නොකර, එම දූෂිත ජාලයට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන පවත්වා වගකිවයුතු විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලකයන් ඇතුළු සියලු පාර්ශව නීතිය හමුවට පැමිණවිය යුතු බවද හෙතෙම ඉල්ලා සිටියි.

"සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අප අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත්, මෙතෙක් එය ඉටු නොවීම කණගාටුවට කරුණක්." 

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව ඇතුළු ඉහළ නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජය දක්වන මන්දගාමී පිළිවෙත හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව වෛද්‍යවරයා පවසයි. එමෙන්ම අදාළ ආයතනවල දීර්ඝ කාලයක් සේවය කරන ඇතැම් නිලධාරීන් සහ ඖෂධ සමාගම් අතර පවතින අනිසි සබඳතා පිළිබඳවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

2 Comments

  1. කෙහෙළිය is good friend of SJB people...
    DR චමල් සංජීව is ...

    ReplyDelete
    Replies
    1. And keheliya's friends are npp people

      Delete
Previous Post Next Post