අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙනෙන්නේ අපට ඕනෑ වෙලාවටයි...

 


අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රි­යට එරෙ­හිව පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට සැල­සුම් කර ඇති විශ්වා­ස­භංග යෝජ­නාව අනි­වා­ර්ය­යෙන්ම ඉදි­රි­පත් කරන බවත්, ඒ සඳහා විප­ක්ෂයේ සියලු කණ්ඩා­යම් එකතු කර­ගන්නා බවත් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පව­සයි.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී අධ්‍යා­පන ඇමැ­ති­ව­රිය ලෙස අග­මැ­ති­ව­රිය විශ්වා­සය කඩ කර ඇති බව පෙන්වා දෙන මහ ලේක­ම්ව­රයා, අව­ධා­ර­ණය කරන්නේ විශ්වාස භංගය ඉදි­රි­පත් කරන්නේ විප­ක්ෂ­යට අවශ්‍ය වේලා­වට බවයි. 

එය සුදුසු වේලා­වට ඉදි­රි­පත් කරන බවත්, විප­ක්ෂය ඒ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර­මින් සිටින බවත් පැවසූ මහ ලේක­ම්ව­රයා, එක් කොට­සක් ඉවත් කර­ගත් පම­ණින් තම පිය­වර පසු­ප­සට නොගන්නා බවද සඳ­හන් කරයි.

5 Comments

  1. They cannot get signatures from Tamil parties..That is the real reason..Idots..just like dancing Monkies

    ReplyDelete
  2. විශ්වා­ස­භංග අවශ්‍ය නැහැ, අවුරුදු පහම අද්දවන්න ඕනේ.
    රනිල් ගෙනාව ධවල පත්‍රිකාව මේගොල්ලොන්ටම කියල කරවා ගන්න ඕනේ.
    ඉස්සර කඩාකප්පල් කරපු ව්‍යපෘති හරිම ෂෝක් කියල පිළිඅරන් ඒගොල්ලොන්ටම කියල කරවගන්න ඕනේ.
    නැතිව මේගොල්ලෝ මේ රට දියුණු කරන්න කාටවත් ඉඩ දෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ කරන්න නොදුන් රනිල් ගෙනාව ධවල පත්‍රිකාව සහ ජේආර්, ප්‍රේමදාසලගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ඉන්දියාව, මැලේසියාව වගේ බොහෝ ආසියාතික රටවල් අද ඉන්න තැන කොහොමද?
      ජෙප්පො හැමදේටම බාල්දි පෙරළලා කඩාකප්පල් කරලා දැන් ඒවම කරන්න හදනවා.. අපේ මෝඩ තරුණ පරම්පරාව අතීතයේ උනදේවල් ගැන මොනවද දන්නෙ? අදටත් අහු වෙනවා.

      Delete
  3. ඩීල් එකක් දැම්මා කිව්වා නම් ඉවරයි නේ - විශ්වාස භංගෙ එක්කෝ ගේන්නේ නැතිව ම ඉන්න - නැතිනම් ප්‍රශ්නය හැමෝටම අමතක වුනාම ගේන්න

    ඕක කොහොමත් දිනන්නේ නෑ නේ - ඉතින් ඕක අනිත් පක්ෂ එක්ක කතා කරනවා ය කියන එක තේරුමක් නැති කාලය නාස්තියක් විතරයි

    වැදගත් වෙන්නේ විවාදය - අණ්ඩුවට ඕනේ ඔය විවාදය මග ඇර ගන්න

    මේ ගොල්ලෝ කරන්නේ ආණ්ඩුවේ ඒ උවමනා කම් වලට මේ ගොල්ලන්ට තියෙන නඩු හිලව් කර ගන්න ඩීල් දාන එක

    රටේ ප්‍රශ්න තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් උගස් තියන විපක්ෂයක් තමයි මේ රටේ තියෙන්නේ

    ReplyDelete
Previous Post Next Post