අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කරගන්නා බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිවරිය විශ්වාසය කඩ කර ඇති බව පෙන්වා දෙන මහ ලේකම්වරයා, අවධාරණය කරන්නේ විශ්වාස භංගය ඉදිරිපත් කරන්නේ විපක්ෂයට අවශ්‍ය වේලාවට බවයි.
එය සුදුසු වේලාවට ඉදිරිපත් කරන බවත්, විපක්ෂය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් පැවසූ මහ ලේකම්වරයා, එක් කොටසක් ඉවත් කරගත් පමණින් තම පියවර පසුපසට නොගන්නා බවද සඳහන් කරයි.

No problem
ReplyDeleteThey cannot get signatures from Tamil parties..That is the real reason..Idots..just like dancing Monkies
ReplyDeleteවිශ්වාසභංග අවශ්‍ය නැහැ, අවුරුදු පහම අද්දවන්න ඕනේ.
ReplyDeleteරනිල් ගෙනාව ධවල පත්‍රිකාව මේගොල්ලොන්ටම කියල කරවා ගන්න ඕනේ.
ඉස්සර කඩාකප්පල් කරපු ව්‍යපෘති හරිම ෂෝක් කියල පිළිඅරන් ඒගොල්ලොන්ටම කියල කරවගන්න ඕනේ.
නැතිව මේගොල්ලෝ මේ රට දියුණු කරන්න කාටවත් ඉඩ දෙන්නෙ නැහැ.
ජෙප්පෝ කරන්න නොදුන් රනිල් ගෙනාව ධවල පත්‍රිකාව සහ ජේආර්, ප්‍රේමදාසලගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ඉන්දියාව, මැලේසියාව වගේ බොහෝ ආසියාතික රටවල් අද ඉන්න තැන කොහොමද?
Deleteජෙප්පො හැමදේටම බාල්දි පෙරළලා කඩාකප්පල් කරලා දැන් ඒවම කරන්න හදනවා.. අපේ මෝඩ තරුණ පරම්පරාව අතීතයේ උනදේවල් ගැන මොනවද දන්නෙ? අදටත් අහු වෙනවා.
ඩීල් එකක් දැම්මා කිව්වා නම් ඉවරයි නේ - විශ්වාස භංගෙ එක්කෝ ගේන්නේ නැතිව ම ඉන්න - නැතිනම් ප්රශ්නය හැමෝටම අමතක වුනාම ගේන්න
ReplyDeleteඕක කොහොමත් දිනන්නේ නෑ නේ - ඉතින් ඕක අනිත් පක්ෂ එක්ක කතා කරනවා ය කියන එක තේරුමක් නැති කාලය නාස්තියක් විතරයි
වැදගත් වෙන්නේ විවාදය - අණ්ඩුවට ඕනේ ඔය විවාදය මග ඇර ගන්න
මේ ගොල්ලෝ කරන්නේ ආණ්ඩුවේ ඒ උවමනා කම් වලට මේ ගොල්ලන්ට තියෙන නඩු හිලව් කර ගන්න ඩීල් දාන එක
රටේ ප්‍රශ්න තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් උගස් තියන විපක්ෂයක් තමයි මේ රටේ තියෙන්නේ