සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටහ.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මුණගැසුණු අවස්ථාවේදී උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමාන රජය බලයට පත්වූයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටුකරන බවට ප්‍රතිඥා ලබාදෙමින් වුවද, බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ සංවේදීතාවයකින් තොරව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි.
බලය ලබාගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළද, පාලනය සම්බන්ධයෙන් පවතින අත්දැකීම් නොමැතිකම වත්මන් තත්ත්වයට බලපා ඇති බව පෙනී යන්නේ යයිද පැවසූ උන් වහන්සේ රටේ වත්මන් ගැටලුකාරී වාතාවරණය හමුවේ මහානායක හිමිවරුන්ට සෑම ප්‍රශ්නයකටම පාහේ මැදිහත් වීමට සිදුව ඇතැයිද පැවසූහ.
විගණකාධිපතිවරයා වැනි තනතුරු පත්කිරීමට පවා මහානායක හිමිවරුන්ට නිවේදන නිකුත් කිරීමට සිදුවන තත්ත්වයක් අද නිර්මාණය වී ඇතැයිද උන් වහන්සේ පෙන්වා දුන්හ.
වර්තමානයේ සමාජය තුළ විශාල වශයෙන් අපහාස කිරීම්, නින්දා කිරීම් සහ හෙළා දැකීම් සිදුවන බව නිරීක්ෂණය වන බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
මෙම අවස්ථාවට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අත්දැකීම් නෑ කියන එක වැරදියි නේ අපේ හාමුදුරුවනේ. බලන්න ගිනි තියන්න, මිනී මරන්න කොච්චර දක්ශද, ඩෑන් ප්‍රියසාද් පාතාල ලේබලේ ගහලා මැරුවා, පක්ශෙ හිටපු මහලේකම් වස දීලා මැරුවා. ලක්ශයක් මරල හරි බලේ ඉන්න ඕන නිසා තව මරන්න තියෙන්නේ 98,000ක් විතර. තව බොරු කියන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන්නේ ලක්ශ 68ක් ගොනාට අන්දන්න ඒ බොරු වලට හැකියාව තිබුනා හාමුදුරුවනේ. උද්ඝෝශන වලට කොච්චර අත්දැකීම් තියෙනවද, ලෝකෙ පලවෙනි වතාවට ආන්ඩුව විපක්ශෙට විරුද්ධව උද්ඝෝශනය කරනවානේ. අනිත් එක බලන්න වැල පොත ඉල්ලලාත් උද්ඝෝශන තිබුනා නේ.
ReplyDeleteAMEN!
Deleteudgoshane thamai danne
Deleteනානගේ පුතා තමයි හරියටම කරේ...
Deleteඔය ලස්සනට ආණ්ඩුව කරගෙන යන්නේ. ඔබ වහන්සේලා ඒක හරියට දැකලා නෑ. බලන්නකෝ සමාජ මාද්‍ය වල ආණ්ඩුවට කඩේ යන ගොන්නු තාම ඉන්නවනේ. පුන්නක්කු මිල මොනව කරත් වැඩි උනේ නෑනේ. ඔය ප්‍රකාශ පිලි ගන්න අමාරුයි.
ReplyDeleteඔබ වහන්සෙලාගේ ප්‍රකාශ වැඩක් නෑ ආන්ඩුවට. පන්සලෙන් එලියට එනකොටම පිරිත් නූල ගලවලා විසි කරන, මාධ්‍ය වලට ශෝ දාන්න විතරක් පන්සල් ඇවිත් හෙන බෞද්ධ පාටක් පෙන්නන්න උවමනාවක් විතරයි ඔය ආණ්ඩුවේ හැත්තට තියෙන්නෙ. ඔබ වහන්සේලා බලන්න එනකොට දොර පොල්ලෙන් ඔලුව පැලෙන්න දෙකක් දුන්න නම් ඕකුන්ට ඉවරනේ.
ReplyDeleteමේ රටේ පාලනය ගෙනියන්නේ පල්ලියෙන්. ඒක ඔයාලා දැනගෙන ඉන්න. රටේ හැම අධිකරනයකටම පල්ලියේ විනිසුරුවන් දාලා ඉවරයි. හැම ආයතනයකම මුල් පුටු පල්ලියේ අයට දීලා ඉවරයි. වෙන එකක් තියා බුද්ධ සාශන අමාත්‍යාංශයත් පල්ලියට දීල තියෙන්නෙ. අවුරුදු 200ක තිස්සෙ ඉඳන් සිවුරට නායකයො ගරු කරන්නේ බහුතර නාමික බෞද්ධයන්ව රවට්ටන්න විතරයි. ඒ නිසා දැන් ඔයාලා පැත්තකට වෙලා ඉන්න. දෙවි පිහිටයි.
ReplyDeleteජෙප්පෝ එක කාලෙක සමාජවාදය කරන්න ආයුද ගත්තා....ඊට පස්සේ මව්බිම නෑතිනම් මරනය කිව්වා ඉන්දියාවට කොටින්ට රට බෙදනවට විරුද්ද උනා....අද....කොටි හොදයි ඉන්දියාව හොදයි ....රට බෙදුනාට කමක් නෑ ....සමාජවාදය වෙනුවට දනවාදය....නිර්දන පන්තිය වෙනුවට සමරිසි කෝලම......මුන් මෙතන්ට එන්නද මෙච්චර මිනිස්සු මෑරුවේ .....
ReplyDeleteA big Quetchen!
ReplyDeleteApi nodanna hamuduru waru..Tamange wadak balagena hitiya nam hodai...Rata NPP eka karai....Mechara kal karapu ewun gan api dannawa..
ReplyDeleteආ... සට්ටැඹියෙක් අවදිවෙලා
Deleteඅත් දැකීම් තිබ්බ කට්ටිය පෝලිම් වල ජනතාව මැරෙන්න සලස්වලා රට බංකොලොත් කරපු හැටි මුන් වහසේලාට මතක නැතෙයි
ReplyDeleteතවත් ඩෝබියෙක් කෙඳිරි ගානවා
DeleteOka thamai hamuduruvaney api issara idala kivve. Namuth oba vahansela mun set eka hodai kiyapu nisa minissuth vishvaasa kala. Dan vath theruna madei.
ReplyDeleteHamuduruwaru Danna Dewal..Ane Manda...President kama denna one Ganayek ta ..Ara mihintale Wage
ReplyDeleteපන්සල පල්ලිය හෝ වෙනත් ආගමික පුජ්‍ය පක්ෂය දේශපාලන කටයුතුවලට නොගෑවී ආගමික කටයුතුවල පමණක් යෙදෙනවනම් මේ කතා අවශ්‍ය නෑ නොවේද?
ReplyDelete