ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය මගින් ටී.එච්. – 57 සී රේන්ජර් (TH-57C Ranger) වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනවිරත්න මහතා මේ බව අනාවරණය කළේය.
ලබන මාර්තු මාසයේදී අදාළ හෙලිකොප්ටර් යානා අමෙරිකාවෙන් පිටත් කිරීමට නියමිත අතර, මැයි මස මුල් සතිය වන විට ඒවා මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම යානා ප්‍රධාන වශයෙන්ම නවක ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කටයුතු සඳහා සහ හදිසි ආපදා සහන සේවා මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, දැනට භාවිතයෙන් ඉවත් කර ඇති එම්.අයි. – 17 (Mi-17) වර්ගයේ හෙලිකොප්ටර් යානා 4ක් පූර්ණ අලුත්වැඩියාව සඳහා ජෝර්ජියාව වෙත යැවීමට කටයුතු සූදානම් කර තිබේ.
අලුත්වැඩියා කෙරෙන එම යානා ඉදිරි මාස 6ත් 7ත් අතර කාලය තුළ යළි මෙහෙයුම් සඳහා එක් කර ගැනීමට නියමිතය.
Bell 206 JetRanger යානය පදනම් කරගෙන මෙය නිර්මාණය කර ඇත. TH-57C මාදිලියේ අවසන් යානය නිෂ්පාදනය වූයේ 1989 වසරේදීය.
මෙය මූලික වශයෙන් ගුවන් නියමුවන්ගේ උපකරණ මගින් පියාසර කිරීමේ පුහුණුව (Instrument Flight Rules - IFR) සඳහා සැකසූ යානයකි.

Easy spying through the helicopters 😂
ReplyDeleteමේව මේ යකඩ වලට විකුණන්න තියෙන කුණු ගොඩවල්. අන්තිම යානයත් හැදුවෙ 1989 නම්, ඔය එවන ඒවා ඊටත් කලින් හදපුව වෙන්න ඇති නේ.
ReplyDeleteඔය වගේ පට්ට ගහලා අන්තිමට යකඩ වලට තලන ඒවා ලංකාවට එවලා මොකකින් හරි ඔය ගාන අල්ල ගනීවි. අවුරුදු 40ක් පරණ ලඩි ලංකාවට ගෙනත්, අන්තිමට ලංකාවේ නියමුවො මරා ගන්නවා.
නිකන් දෙනවනම් ඉතින් ගොම තැම්බක් හරි කමක් නෑ කියල හිතුනට, සුද්දා ඕවා දෙන්නේ ඔයිට වඩා 10 ගුණයක දේවල් ලංකාවෙන් ගන්න බලාගෙන.
ReplyDeleteනැට්‍ටුවන්ටත් වඳින අනුරයා රටත් ලියල ඇති දැන් ඕකුන්ට.