ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන ලද “ මම මට ආදරෙයි 2026 ” - සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය ජනගත කිරීමේ උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී (14) පැවැත්විණි.
සමාජ විරෝධි ක්‍රියාවන්ට යොමුව සිටින ස්වේච්ඡාවෙන් විශෝධන ක්‍රියාවලියට යොමුවු පුද්ගලයින් සහ අධිකරණ මඟින් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කර ඇති පුද්ගලයින් යහපත් පුරවැසියන් බවට පත් කිරීමේ අරමුණින් “ මම මට ආදරෙයි 2026 ” සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය වැඩසටහන ආරම්භ කර තිබේ.
ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමුවු පුද්ගලයින්ගේ ආකල්ප වර්ධනය කිරීමේ සහ සෞන්දර්යාත්මක වැඩසටහන් මෙහිදී සංවිධානය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති පැරකුම් ශාන්ත, ප්‍රජා පාදක විශෝධන කොමසාරිස් නීතිඥ, ඩිලාන් ගුණරත්න සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

මූගෙ මූන දැක්කම මට බේරෙ වැවේ පල් ගද එන්න විසදුමක් ඇරල කියල හිතෙනව.
ReplyDeleteසතුටු පවුල් කරන්න කලින්, උබලගෙ මහ උන්ගෙ පවුල් ටික හොයාගනින්.
ReplyDelete