ඉරානයට එරෙහිව එළඹෙන සති අන්තය වන විට හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ පූර්ණ සූදානමකින් පසුවන බව වාර්තා වේ. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් සිය අවසන් අනුමැතිය ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු ගුවන් හා නාවික බලඇණි විශාල වශයෙන් ශක්තිමත් කර ඇති අතර, ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම් බව හමුදා අංශ විසින් ධවල මන්දිරය දැනුවත් කර තිබේ.
ඇමෙරිකානු නාවික හමුදාවේ අතිනවීන 'යූ.එස්.එස්. ජෙරල්ඩ් ෆෝඩ්' (USS Gerald Ford) යුද නෞකා සමූහය ද මෙම සති අන්තය වන විට කලාපයට ළඟා වීමට නියමිතය.
පසුගිය අඟහරුවාදා ජිනීවා නුවරදී ඉරාන සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර පැය තුනහමාරකට අධික කාලයක් වක්‍ර සාකච්ඡා පැවැත්විණි. එහිදී මූලික එකඟතා කිහිපයකට එළඹුණු බව ඉරානය පැවසුවද, සාකච්ඡා කළ යුතු තවත් කරුණු රැසක් පවතින බව ඇමෙරිකානු නිලධාරීහු පවසති.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සැමවිටම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට මුල්තැන දෙන නමුත් හමුදාමය ක්‍රියාමාර්ගයක අවස්ථාව තවමත් බැහැර කර නොමැති බවයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා ද ලබන 28 වැනිදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
ඇමෙරිකානු හමුදාමය බලපෑම් හමුවේ ඉරානය ද සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා පස් සහ කොන්ක්‍රීට් යොදාගනිමින් ඒවා භූගත කිරීමට පියවර ගෙන ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී තිබේ.
ප්‍රහාරයක් දියත් කිරීමේදී එළඹෙන ඉරිදා නිමාවීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල, දැනට ආරම්භ වී ඇති රාමසාන් උත්සව සමය,
ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයාගේ වාර්ෂික ප්‍රකාශය වැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇත.
ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවතීම තමන් කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇති නමුත්, හමුදා ප්රහාරයක නිශ්චිත අරමුණු මොනවාද යන්න පිළිබඳව ඔහු මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොමැත.
මෙම නොපැහැදිලි තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ යුද භීතියක් නිර්මාණය වී තිබේ.

Gewal walata kanda/Bonda badu tikak vadipura da ganna wena seen ekak thiyenney. mokada gahana ewa ahaka inna apey agata ennath puluwan. apey lokkata barida danney naha mey prashneth visadala denna lanka/Pakisthan match ekey man of the match wuna wagey.
ReplyDelete