පෞද්ගලික සහල් නිෂ්පාදකයින් විසින් පනවා ඇති විවිධ කොන්දේසි හා මිල ගණන් අවම කිරීම හේතුවෙන්, වවුනියාවේ ප්‍රදේශයේ ගොවීන් මේ වන විට රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත සිය අස්වනු රැගෙන ඒමට විශාල උනන්දුවක් දක්වති.
සහල් සඳහා පවතින අඩු වෙළඳපොළ මිල හුවා දක්වමින් මෝල් හිමියන් නාඩු වී කිලෝවක මිල රුපියල් 75 - 80 දක්වා අඩු කර ඇති අතර, අලෙවි කරන වී සඳහා මුදල් ලබා දීමට මාසයකට අධික කාලයක් ඉල්ලා සිටීම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇත.
මෝල් හිමියන්ගේ මෙම සූරාකෑමට විකල්පයක් ලෙස ගොවීන් රජයේ ගබඩා තෝරාගෙන තිබේ. එහිදී සපුරාලිය යුතු එකම මූලික අවශ්‍යතාව වී තොගවල තෙතමනය 14% ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමයි.
රජයේ ප්‍රමිතීන්ට අනුකූලව තම අස්වනු සකස් කර ගැනීම සඳහා ගොවීන් මහමග දෙපස වී වේලීමට පවා කටයුතු කරමින් සිටිති.
මීට පෙර පාළුවට ගොස් තිබූ රජයේ වී ගබඩා පරිශ්‍රයන් මේ වන විට අස්වනු අලෙවි කිරීමට පැමිණි ගොවීන්ගේ වාහනවලින් පිරී පවතින අයුරු දැකගත හැකිය.

මෝල් මුදලාලිලාට:
ReplyDeleteවැඩි වැඩියෙන් රෝල් රොයිස් වාහන සහ ජෙට් ගුවන්යානා ගන්නට ලැබේවා!
මේසෙට ගසා තව තවත් හාල් මිල වැඩි කෙරේවා!