රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුලදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කලේ කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉදිවෙන ‘ස්ටේඩියම්ගම’ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සොයාබැලීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා,
‘දැනට ජනතාව ජීවත්වෙන නාගරික නිවාස සංකීර්ණවල සැලකිව යුතු ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඒ්වා නිවාස වලට වඩා කූඩු බවට පත්වෙලා. නිවසක් බාරදීමේදී බිල්ඩිමක් විතරක් නොව ජීවත් විය හැකි ජනාවාසයක් ලබාදිය යුතුයි. බිල්ඩිමක් වශයෙන් නොව සමාජමය වශයෙන් වගකීම් ඉෂ්ඨ කරන වාසස්ථානයක් ලබාදීම අමාත්‍යංශය විදියට අවධානයට ලක්වෙලා තියෙනවා.
පදිංචියට පෙර ආරක්ෂාව සහ සමාජ අවශ්‍යතා, සුව පහසුව වැනි අංශ වැඩි කල හැකිදැයි අද දින සොයා බැලුවා. මෙවැනි මහල් නිවාස තුනක් මේ වසර තුල ලබාදීමටත් ඉදිරි දෙවසර තුලදී කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට නව නාගරික නිවාස 7,000 ක් ලබාදීමටත් වැඩ කටයුතු කරමින් පවතිනවා.
නිවාස විධිමත්ව පවත්වා ගැනීම නීතිමය ප්‍රශ්නයක් පමණක්ම නොවෙයි, පහසුකම් තියෙන තැන්වල මිනිස්සු විනය ගරුකව හැසිරෙනවා. මේ රටේ මාර්ග නීති කඩා ගමන් කරන පුද්ගලයා විදෙස් රටකට ගියවිට එහෙම හැසිරෙන්නේ නෑ. නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යාම නීතිමය ප්‍රශ්නයකට වඩා සමාජමය ප්‍රශ්නයක්. ඊට විසදුම් ප්‍රජාව බලවත් කිරීම ඇතුලේ තියෙනවා.
තනි තනිව ජීවත් වූ පවුල්, මහල් නිවාස සංකීර්ණයකට පැමිණිවිට සාමූහිකව ජීවත්වීමට හැඩගැසිය යුතුයි. පොදු නීති රීති මාලාවට හුරු විය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට සමීපව ආමන්ත්‍රණය කලහොත් පමණයි කාර්යක්ෂම බව ඇතිවෙන්නේ. රජයත් විදියට වගකීම ගන්න තමයි වැඩිපුර මැදිහත් වෙන්නේ. නීති රීතිවල යම් සංශෝධනයකට යටත්ව ඔවුන්ගේ සමාජ අවශ්‍යතාවලට ඇඩ්‍රස් කිරීමෙන් සාර්ථකත්වයට ළගාවිය හැකියි.
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින්,
‘අනවසර ඉදිකිරීම් ජනතාව තනිවම කරපුවා නොවෙයි. ඒ්වාට නිශ්චිත දේශපාලන මැදිහත්වීම් තියෙනවා. ජනතාවාදී රජයක් ලෙස අපි අනවසර ඉදිකිරීම්, අනවසර ගොඩකිරීම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ආර්ථික, සමාජයීය වශයෙන් බිදවැටීම් වලක්වන්න රජය විදියට මැදිහත් වෙනවා. එහිදී ඉදිරි සියලු සංවර්ධන ව්‍යාපාතිවලදී නීත්‍යානුකූල ක්‍රමවේදයන් අනුව පරිසරය රකිමින් ජනතාවාදී සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා.

අනවසර ඉදිකිරීම් ඉවත් කරපු හැටි මතකද වල් ගෝතය? බැකෝ වලින් කෙළියේ, උට ඕන ඉඩං වල තිබ්බ ගෙවල්. දුමින්ද සිල්වා උගේ සාක්කුවේ ඉඳන් ආච්චිලගෙ කුක්කු බීල වැඩේ ෂේප් කලේ.
ReplyDeleteමේ ආණ්ඩුව කරනව දැක්ක නියම relocation එකක් තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම. ලස්සනට ගෙවල් දුන්නා, සුද්ද කලා. Hidden agenda කාරයෝ නැති එකේ වෙනස.
ඔලුව අමාරැකාරයෙක්ට නමි මේ ආන්ඩුව ලස්කසනට කරගෙන යනවා කියලා පේනවා.
Deleteලස්සන කියන වචනෙ බලන පැත්ත අනුව වෙනස් වෙනවා නේද මහත්මයා? රටේ යහපත්සියලු පුරවැසියන් ඉන්න පැත්තෙන් ලස්සනයි, කොමිස් නැතුව පන්දම් නැතුව ගොඩ යන්න බැරි අයගේ පැත්තෙන් මොලේ විකාරයක්
Delete