පේරාදෙණියේදී මහවැලි ගඟ හරහා ඉදිකර ඇති වසර 150කට වඩා පැරණි ඓතිහාසික යකඩ පාලම (කළු පාලම) යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට අඩාල වී ඇති බව වාර්තා වේ.
පසුගියදා ඇති වූ සුළි කුණාටුවෙන් මහා ගංවතුරින් පාලමට දැඩි බලපෑම් එල්ල වූ අතර, එම හානි පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට හදිසියේම අත්හිටුවා තිබේ.
මෙම ප්‍රමාදයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඇති වී තිබෙන එකඟතාවයකින් තොර තත්ත්වයකි.
පාලමේ ස්ථාවරත්වය සඳහා එහි ආධාරක කුළුණුවල පවතින පැරණි ගල් ඉවත් කිරීමට අවශ්‍ය වුවද, ඊට පුරාවිද්‍යා බලධාරීන් අවසර ලබා නොදීම හේතුවෙන් ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායම සේවයෙන් ඉවත් වී ඇත.
එළඹෙන මැයි හෝ ජූනි මාසය වන විට වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුණද, පවතින අර්බුදය හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම අවිනිශ්චිතය.
අදාළ ඉදිකිරීම් ආයතන සහ ඉංජිනේරු කණ්ඩායම් දිවා රාත්‍රී නොබලා පාලම කඩිනමින් නිම කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කළහ.
පාලමේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් දැනට මාස කිහිපයක සිට දුම්රිය ධාවනය රඹුක්කන ස්ථානයෙන් අවසන් කිරීමට සිදුව තිබේ.
නිලධාරීන් සහ ඉංජිනේරුවන් වැඩබිමෙන් ඉවත්ව යාම හේතුවෙන් ප්‍රදේශයේ දුම්රිය ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්වීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වැඩබිම් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

Ammage පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව k ne yako meka 😂😁😁😁😁😂😁
ReplyDeleteමාර සතුටුයි නෙ
ReplyDeleteඕකට දෙන්න තියෙන හොඳම නම පුරා අවිද්‍යා දෙපාර්තමේන්තුව.
ReplyDeleteඕක තමා 78 වන වසරේ සාපය.
ReplyDeleteමයිනල, කජු සීයල හිටියනං ඕකට අවසරේ දැනටම ලැබිලා.
දැන් පුරා විජ්ජාවෙ කවුරුහරි අවසරේ දුන්නනං කොහේ හරි ඉන්න ජෙප්පෙක් රංග ලොක්කගෙ වංචා හා දුෂණ එකට පැමිණිලි කරලා අවසර දුන්න එකා හිරේ දානවා.
චන්දෙත් දීලා කුම්බලා මාළුත් කෑවානං දුක විඳපන් බළලෝ