ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා දෙපිලම පීඩනයෙන්.. තීරණාත්මක තරගය නුවරදි..

 


පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.00ට ආරම්භ වන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ගැටුම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත. 

මීට පෙර අයර්ලන්තය සහ ඕමානය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රබල මානසික මට්ටමකින් යුතුව මෙම තරගයට පිවිසෙයි.

ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට 'සුපිරි 8 දෙනාගේ' වටය සඳහා වන සිය සුදුසුකම තහවුරු කරගත හැකිය.

ඕස්ට්‍රේලියාවට පසුගිය 13 වැනිදා සිම්බාබ්වේ හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටින අතර, තරගාවලියේ ඉදිරියට රැඳී සිටීමට නම් අද තරගය ඔවුන්ට අනිවාර්ය ජයග්‍රහණයක් වේ. 

පරාජය වුවහොත් ඔවුන්ට පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇත

2 Comments

  1. thawa match ekak thiyanawa neda ausielata. Oman ekka

    ReplyDelete
  2. කම් ඕන් ඔසී

    ReplyDelete
Previous Post Next Post