ලාබ පෙන්වන්න දුම්රිය ධාවනය අඩුකරන්න යයි..

 


දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියි. 

ඔවුන් පෙන්වා දෙන්නේ ආයතනය ලාභදායී මට්ටමකට රැගෙන ඒමේ අරමුණින්, වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අනුගමනය කරන්නේ අතිශය අදූරදර්ශී පිළිවෙතක් බවයි.

වියදම් පාලනය කිරීමේ පටු අරමුණින් දුම්රිය ගමන් වාර සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, මෙය ඉතා ප්‍රාථමික මට්ටමේ තර්කයක් මත පදනම් වූවක් බව ඔවුන් පවසයි.

වත්මන් සාමාන්‍යාධිකාරීවරයා සිවිල් පරිපාලන සේවයට අයත් නිලධාරියෙකු වීම, දුම්රිය වැනි තාක්ෂණික හා මෙහෙයුම්මය සේවාවක් කළමනාකරණය කිරීමේදී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එම සංගමය අවධාරණය කරයි.

දුම්රිය සේවාවේ ප්‍රමිතිය සහ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම සංගමය නිකුත් කළ නිවේදනය....

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දුම්රිය සේවය රාජ්‍ය ආයතනයක් වශයෙන් වැඩිම මුල්‍යමය අලභාහනි වාර්තාවූ ආයතනය වශයෙන් හදුන්වා දිය හැක. සංචාරක කර්මාන්තය මගින් මෙරටට විදේශ විනිමය වැඩි වශයෙන් ලබා දීම සදහා උඩරට දුම්රිය මාර්ගය වැඩි දායකත්වයක් ලබා දුන් අතර, මහනුවර හා නාවලපිටිය තදාසන්න ප්‍රදේශ වල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරී සඳහා කොළඹ අගනගරය සදහා කැඳවා ගැනීමේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය දුම්රිය විය.

ප්‍රධාන මාර්ගයේ රඹුක්කනින් ඔබ්බට දුම්රිය ගමනාගමනය සිදු නොවීම නිසා මහා මාර්ගය ඔස්සේ ගමන් පහසුව සලසා ගැනීමට එම දුම්රිය මගීන්ට සිදුවී ඇත. මෙහිදී මාසයක කාලයක් දුම්රිය මගින් ගමන් පහසුව සලසා ගැනීමට වැයවූ මුදල මහා මාර්ගය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේදී දින තුනක පමණ කාලයකටවත් ප්‍රමාණවත්නොවන  බව පෙන්වා දෙන්නේ ඉතා කණගාටුවෙනි. ඒ හේතුවෙන් එම ජනතාව මානසික මෙන්ම ආර්ථික වශයෙන් ද දැඩි පීඩාවකට ලක්ව ඇති බව අප කණගාටුවෙන් යුතුව අවධාරණය කරන්නෙමු.

මෙම හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සදහා රජය මැදිහත්වී නව ද්විත්ව පාලමක් සකස් කිරීමට මුලින්ම යෝජනා වුවද පසුව පැරණි පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සදහා සැලසුම් සකස් කර ඇත. එසේම රජය විසින් 2026 අප්‍රේල් මාසයේදී මහනුවර බලා දුම්රිය ධාවනය කරන බව ප්‍රකාශ කරමින් මහජනතාව තුල නව බලාපොරොත්තුවක් ජනිත කිරීමට කටයුතු කරන ලදී.

නමුත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) විසින් රජයේ මැදිහත්වීම මත ප්‍රතිසංස්කරණ කටයුතු සදහා සම්බන්ධ වුවද ඔවුන් විසින් සිදුකරන ලද කටයුතු මේ දක්වා සිදු කෙරුණ ද පසුව දුම්රිය ඉංජිනේරු තාක්ෂණික කමිටුව විසින් අවශ්‍ය පරිසාධන මට්ටමේ නොමැති බවට මත පළකිරීම හේතුවෙන් පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු  මේ වනවිට නවතා දමා ඇති අතර, ඒ අනුව නැවත මෙම පාලමේ ඉදිරි කටයුතු පිළිබඳව යලිත් වාර්තාවක් කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යෝජනා කොට ඇත.

රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීම සදහා කිසිදු සැලසුමක් නොමැති අතර, ඉංජිනේරු දැනුම ඇති ඉංජිනේරුමය පදනමකින් කටයුතු කරන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට තීන්දු තීරණ ගැනීමේ නොහැකියාව මත දැඩි ලෙස අසරණ වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු කටයුතු, දුම්රිය ධාවන බල වැඩි දියුණු කිරීම සහ දුම්රිය ධාවනය ඇතුළු සියළු කටයුතු මේ වන විට අකර්මන්‍ය වී ඇත්තේ, වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දුම්රිය ධාවනය සිදුකිරීම අනවශ්‍ය කටයුත්තක් ලෙස සලකා රාජකාරී සිදු කිරීම නිසාවෙන් බව පෙන්වා දෙන්නෙමු.

විශේෂයෙන් දිට්වා සුළිකුණාටුවට පසු පුත්තලම් මාර්ගයේ ධාවනය කළ හැකි මාර්ග කොටසේ පාර්සල් හා බඩු දුම්රිය ධාවනය කිරීම සදහා සැලසුම් කරන ලද නමුත්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ධාවනය අනවශ්‍ය බවට කිසිදු පරික්ෂා කිරීමකින් තොරව ඒකමතිකව තීරණය කිරීම නිසා තවමත් පාර්සල් හා බඩු දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නොහැකි වී ඇත. ලෝකයේ වැඩිපුරම දුම්රිය ආදායම් ලබන්නේ මගී ප්‍රවාහනයට වඩා භාණ්ඩ ප්‍රවාහනයෙන් බවට වන මුලිකම සිද්ධාන්තය වත් මෙම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අවබෝධ කරගෙන නොමැති බව අවධාරණය කරන්නෙමු.

වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන බව පෙන්වීම සදහා ඉතා සරළ තර්කයක් මත පදනම්ව කටයුතු කරන බව පෙනේ. එනම් දුම්රිය ධාවනය අඩුකිරීම මගින් වියදම් අවම කර ගැනීමයි. මෙම රජය පමණක් නොව පැවති රජයන්ද දුම්රිය ධාවනය මගින් බලාපොරොත්තු වුයේ අවම පාඩුවක් මත හෝ දුම්රිය භාවිතා කරන මගින් සදහා සහන ගාස්තු මත ප්‍රවාහන පහසුකම් සපයා දීම බව පෙන්වා දෙන්නෙමු.

සහනදායි ගාස්තු හේතුවෙන් පාඩුව ආවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් රජය විසින් අයවැය මගින් දුම්රිය සේවය සදහා මුදල් වෙන් කිරීම සිදුකරන අතර, සිදුවන පාඩුව අවම කර ගැනීම සදහා විකල්ප ක්‍රම භාවිතා කළ හැකි නමුත්, දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදහස් ලබා දීමේ හැකියාවක් නොමැති වීම සහ සෙසු නිලධාරීන්ගේ අදහස් ශ්‍රවණය කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු නොකිරීම නිසා වත්මන් රජය අපකීර්තියට ලක්වෙනවා සේම  දුම්රිය භාවිතා කරනු ලබන දුම්රිය මගීන් ද දැඩි ලෙස පිඩාවට පත්වී ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කර තිබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිවී ඇති අතර, එබැවින් දිට්වා නිසා දිසු වූ මාර්ග යලි ප්‍රතිසංස්කරණ කිරීම උදෙසාත්  දුම්රිය සේවය කඩිනමින් යථාතත්වයට පත් කිරීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වන විට විශ්‍රාම ගෙන ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ සේවය කළ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර , එය වඩා යහපත් රාජ්‍ය සේවයක් ලබා දීමට මෙන්ම දුම්රිය මගීන්ගේ හිතසුව පිණිස වන මෙහෙවරක් වන බවත් සදහන් කරන්නෙමු.  

ස්තුතියි!

ආර්.එම්.එස්.කේ.සී.ජයසේකර,
ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය.

4 Comments

  1. මුන් කරන්න යන්නේ පුප මහලා ඛඩ යන්න බෙහෙත් දෙනවා වගේ වැඩක්

    ReplyDelete
  2. කෝච්චියේ යන උන්ගෙන් 60% යන්නේ හොරට. හොරට යන එක නැවැත්තුවොත් ලාභ ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බැරිද සිකියුරිටි වැඩේ බාරගන්න?

      Delete
  3. Issarahata gamanaa gamanayata karaththa daanna hithagena innawalu jepi anduwa yatathe.harak wenuwata karaththa wala bandinna chande dipu eunwa ganna kiyala palawaththen tilvin seeya order eka dilalu anura aiyata.

    ReplyDelete
Previous Post Next Post