මෙතෙක් කල් නගර සභා සහ පළාත් පාලන ආයතන මගින් පියවනු ලැබූ වීදි ලාම්පු සඳහා වන විදුලි පිරිවැය, ඉදිරියේදී සෘජුවම විදුලි පාරිභෝගික ජනතාවගෙන් අය කර ගැනීමට රජය සූදානම් වන බව ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, මේ වන විටත් විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පීඩාවට පත්ව සිටින ලක්ෂ 70ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන් මත මෙම පිරිවැයද පටවමින් පවතින බවයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් මහජනතාවගෙන් විවිධ බදු මුදල් අය කරගනු ලබන්නේ මෙවැනි පොදු සේවාවන් නඩත්තු කිරීමට වුවද, දැන් එම පිරිවැයද නැවත වතාවක් විදුලි බිල හරහා ජනතාවගෙන් අය කර ගැනීමට උත්සාහ කිරීමයි.
මෙය "එක පැත්තකින් දීලා අනිත් පැත්තෙන් ගන්නවා වගේ වැඩක්" බව පෙන්වා දෙන ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා, මෙම ක්‍රියාවලිය හරහා පාරිභෝගික ජනතාව තවදුරටත් ගසාකෑමට ලක්වන බව අවධාරණය කළේය.

අනේද කියන්නෙ. මෙතෙක් කල් නගර සභා සහ පළාත් පාලන ආයතන මගින් පියවනු ලැබූ....
ReplyDeleteඉස්සර නගර සභා සහ පළාත් පාලන ආයතන වලට ගෙව්වෙ මයින ගෙදරින් ගෙනල්ල නේ.
නියම පඩංගු කාර නිවුස්. මොලේ පොඩ්ඩක් බලා ගත්ත නං මොකෝ මහජන මුදලින්?
අනේ අපේ ටිංටිං මයින අතෑරලා වෙන කවුරුහරි අල්ලගන්න.
Deleteමහත්තයට වැරදිලා. මයින කියන්නෙ පොල් මයිනට. මැදමුලනෙ.. අර සාටකේ ඔතාගෙන ඉන්නෙ, කාලකන්නි පවුලක මහ එකා..
Deleteඅන්න හරි... එයා තමයි.
පර්සි මහේන්ද්‍ර නේද?
Deleteමහලොකු සිංහල බෞද්ද, පක තමයි
කාලකන්නියාට පවුලක් තියෙන්න බැහැනේ. අපේ අංඅයියගෙන්ම ඒක පැහැදිලියි නේ.
Deleteයකෝ ඉස්සර උන්ගේ මගුල් ගෙවල් වල ලයිට් බිල ගෙව්වෙත් මිනිස්සු. ලැජ්ජයි
ReplyDeleteඇයි බං, මුන්ගේ බල්ලොන්ට අස්සයොන්ට ඒ සී කාමර? මහ එකාට එක තට්ටුවක් යන්න ලිෆ්ට්, ගෑනිගේ ජංගිය වේලුවෙත් මහජන මුදලින් තමයි. ඒ ඔක්කොමත් හරි, ඕක හිටිය නං වලටත් ලයිට් එකක් දා ගන්නව මිනිස්සුන්ගෙ සල්ලි වලින්.
Deleteඒක තමයි රත්තරන් චේන් දාපු බල්ලො, සුදු අශ්වයො, සීගිරිය කඩල කොළඹ ලොකු කරල, කිරි පැණි ගෙනියන්න හයිවේ හදල, හෙලිකොප්ටර් එකකින් අනෙකට පැන පැන ගිහිල්ලා, කරපු වින්නැහිය? ඒත් අපේ අන්දරයිය එහෙමද? ඒක පෑන් පාරෙන් මුළු ලංකාවෙම බඩුමිල අඩුකරලා, එක පෑන් පාරෙන් සුලි කුණාටු නැවැත්තුවා, ලංකාවෙ එක මනුස්සයෙක් වත් අනාථ හෝ අතරමං වුනේ නෑ. මුළු ලෝකෙටම එකයි. කොහොමද අපේ අන්දරයිය?
Deleteමේ දැක්වෙන්නේ වීදි ලාම්පු ආලෝක කරනයේ මතුපිට ස්වරූපයයි. මෙහි තවත් පැත්තක් තිබෙනවා. විදුලි පහන් සඳහා ප්‍රාදේශීය සභා විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු මුදල් පසුගිය වර්ෂ ගණනාවක සිට ගෙවා නැහැ. එය ඇති විශාල මුදලක්, තව දුරටත් ඒමේ අලාභය විදුලි බල මණ්ඩලයට දරන්න බැහැ .
ReplyDeleteඑම නිසා එම මුදල කෙලින්ම පරිබෝගිකයගෙන් විදුලි බල මණ්ඩලයට ය කරගත්තම, ඉදිරියට ජනතාවටේ නවීන පන්නයේ විදි පහන් සපයන්න එම මුදල් යොදවන්න පුළුවන්. දැන් විදුලි පහන් දල්වන විදිය හරිම ප්‍රතාමිකයි , ගෙවල් වල සවිකරන විදියේ ස්විච් එකකින් පාරිභෝගිකයන් ලව මේවා ක්‍රියාත්මක කරවන්නේ. එය නීති විරෝදී වැඩක්.
මෙම ස්විච් වලට කිසිම ආරක්ෂා ක්‍රමයක්, ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එකක් සවි කරලා නැහැ, කෙලින්ම ප්‍රධාන විදුලියට සම්බන්ද කරලා තියෙන්නේ. මෙවන් කරන්ට් ලීක් වෙනවා, කව්රුහරි මැරුනොත් මණ්ඩලයවත් ප්‍රාදේශීය සභාවවත් වග කියන්නේ නැහැ.
ඒ නිසා මේ විදුලි පහන් නිශ පරිදි සකස් කරන්න යම් කිසි වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.
ඉතා වැදගත්, බුද්ධිමත් විවරණයක්.
Delete