දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල පාලනය සහ අනෙකුත් සියලු දෑ සමාගමක් යටතට පත් කිරීමේ තීරණයට එරෙහිව නීතිමය පියවර ගනිමින් තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන පැවැසීය.
ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පත් කිරීමට එරෙහිව දඹුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වසර 29 කට අධික කාලයක් ආර්ථික මධ්‍යස්ථානය ඉතා සාර්ථකව පවත්වාගෙන ආ බවයි.
මෙම මාධ්‍ය හමුවේදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන විකිණීමට එය සමාගමක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට කිසිදු ආකාරයෙන් ඉඩ ලබා නොදී ඊට අවශ්‍ය අරගල කිරීමට මේ වන විට දිවයින පුරා ගොවි සංවිධාන වෙළද සංගම් හා ජනතාව දැනුවත් කරමින් සිටින බවය.
අදාළ සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂකවරුන් බවට පත්කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකු බවද ඔහු කීවේය. කිසිදු සාකච්ඡාවක් නොකොට මෙම පත්කිරීම් සිදුකර තිබෙන බවද ඔහු පැවැසුවේය.
නුවරඑළිය ගොවි සංවිධාන නියෝජනය කරන තරිඳු රත්නායක සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයා ගොවි සංවිධානවල කිසිදු විමසීමක් සිදු නොකොට තමන්ගේ හිතවතුන්ගේ මනදොල පිරවීම සඳහා සූක්ෂම ලෙස පෞද්ගලික සමාගමක් ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන පසුව වෙනත් නමකින් අධ්‍යක්ෂකවරු පවා පත් කොට ඇති බවය.
ආර්ථික මධ්‍යස්ථාන කොපමණ බිහිකලද ඒවා පෝෂණය කරනු ලබන්නේ ගෝවී නිෂ්පාදනවලින් නිසා තීරණ ගැනීමේදී ගොවීන් සමඟ සාකච්ඡා කළ යුතු නොවේද යන්න ඔහු ප්‍රශ්න කළේය.
එමෙන්ම දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන හයක් පමණක් පළමු වටයේ ඇමැතිවරයාගේ සමාගම යටතට පත් කිරීමට තීරණය කර තිබෙන බවද හෙතෙම පැවැසීය. ඇමැතිවරයාට තමන් අභියෝග කරනු ලබන්නේ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක් පමණ ඇති බවත් වසා දමා සහ විවෘත කිරීමට නොහැකිව පාඩු ලබමින් ඇති ආර්ථික මධ්‍යස්ථාන ටික තමන්ගේ මිතුරු සමාගමට ලබාදී ඒවා දියුණු කර එහි සාර්ථකත්වය පෙන්වා දැනට සාර්ථකව පවතින ආර්ථික මධ්‍යස්ථානත් එම සමාගම යටතට ගන්නැයි තමන් යෝජනා කරන බවය.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න කියා සිටියේ ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යවරයාත් තඹුත්තේගම පදිංචිකරුවන් වූවත්, කිසිදු දිනක ඇමැති වන තුරු වසන්ත සමරසිංහ ආර්ථික මධ්‍යස්ථානයට පය තබා නැති බවය. එවැනි අවස්ථාවක තමන්ගේ හිතවතුන්ට ආර්ථික මධ්‍යස්ථානවල පරිපාලනය ලබාදීමට කිසිදු ආකාරයෙන් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව කඩිනමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන ගොවි ජනතාවගේ බලය කුමක්ද යන්න රජයට දැක බලා ගැනීමට හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.
සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන මැණින් වෙළෙඳ සංගමයේ ලේකම් රොෂාන් කුරේ සඳහන් කළේ ඉතා සූක්ෂම ලෙස කැබිනට් මණ්ඩලය නොමග යවමින් සමාගමක් පත්කිරීම බරපතල ප්‍රශ්නයක් බවය.
ඉතා ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් ආර්ථික මධ්‍යස්ථාන තුළ පවතින බවද හෙතෙම සඳහන් කළේය. එවැනි පරිපාලනයක් තිබියදී අමාත්‍යවරයාගේ හිතවතුන් කීප දෙනකුගේ නම් යෝජනා කරමින් ඔවුන් තනතුරුවලට පත්කොට තිබෙන බවද එම පිරිස කවුරුන්ද යන්න මෙතෙක් කිසිදු අනාවරණයක් හෝ සිදුකර නැති බවද සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති එස්.ඊ.ආර් බංදුසේන, ගොවිජන පවුර කැඳවුම්කරු නලින්ද ඇතුළු ස්වේච්ඡා සංවිධාන සහ ආර්ථික මධ්‍යස්ථානවල බොහෝ දෙනෙක් මෙහිදී අදහස් දැක්වූහ.
කේ .කේ .ආරියදාස - දඹුල්ල

Well, if you voted for this government, then you will have to sleep with it.
ReplyDeleteSri lanka looser looser public 'you all well deserved 👏 👍 🙌 👌 ❤️ ♥️ 👏 👍 🙌 👌
ReplyDeleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, වපර කම්පම් වස්සා 😡🤮 අඩු කුලේ පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 මුන්ට අසූචි ගහලා පන්නා දමන්න කාලය හරි
ReplyDelete