හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව.. දුම්රිය රියදුරන් අද සිට වර්ජනයේ..


දුම්රිය එන්ජින් මෙහෙයුම් ඉංජිනේරුවන්ගේ සංගමය (LOEU) අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

හමුදා නිලධාරීන් කණ්ඩායමකට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය දියත් කරන බව එම සංගමයේ ලේකම් ඩී.සී. එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය. 

අලුතින් බඳවාගත් දුම්රිය රියදුරන් සම්බන්ධයෙන් මෑතකදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

දුම්රිය රියදුරු පුහුණු වැඩසටහන සඳහා හමුදා නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට රජය ගත් තීරණයට සංගමය දැඩි විරෝධය පළ කරන බවත්, ඊට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

4 Comments

  1. ඉස්සර ගියේ යුධ ටැංකි වල. ඉදිරියට යුද්දෙට යන්නේ කෝච්චියෙ
    කොහොමද පුනරුදේ????


    ReplyDelete
  2. අපි නං කෝච්චි වල යන්නෑ, අපේ ගූ කන බයියො ගියාට.

    රණවිරුවො ඉන්නෙ කෝච්චි දක්කන්න නෙමේ බොල. අපේ මරි වැඩ, වාල් වැඩ කරන්න විතරයි.

    රණවිරුවො, උන් අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නේ.

    කෝච්චි, ඒ මොකක්ද ඒ? ඔන්නොහේ විකුණලා දානවා. මාත් එක්ක සෙල්ලම් කරන්න එපා අයිසේ.

    මේ කියමන් කවුරු විසින් කාට කියන ලද ඒවා දැයි නිවරදිව අනුමාන කර වටිනා පුපුරණ ගෑස් සිලින්ඩරයක් හෝ සුදු වෑන් ට්‍රිප් එකක් දිනා ගන්න.

    ReplyDelete
    Replies
    1. කයිතන්ට අමතරව තවත් අය මේවගේ ගොං කතා කිව්වද?

      Delete
  3. වැඩ බැරි ආණ්ඩුව උනාට හොඳ වැඩත් කරනවා එහෙනම්. ඒත් මේක අකුලා ගත්ත එක නම් නරකයි.

    ReplyDelete
Previous Post Next Post