උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා අවදානම් කිහිපයක් හේතු විය හැකි බව මහ බැංකුව පවසයි.
මේ සදහා ඉහළ ණය වර්ධනය සහ යථා තත්ත්වයට පත් වන ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යයේ ඉල්ලුම් පීඩනයන් ක්‍රමයෙන් වර්ධනය වීම සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු කළ ගෙවීම් ද නුදුරු කාලීන පරිභෝජනය ඉහළ නැංවීමටට බලපෑම ද හේතු විය හැකි බව ද මහ බැංකුව ඉකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
ණය වර්ධනය ආර්ථික කටයුතු සඳහා සම්ප්‍රේෂණය වීම ආවේණිකවම යම් කාල පමාවකින් සිදු වීම මධ්‍යයේ, මෑතකාලීනව පැවැති පෞද්ගලික අංශයේ ඉහළ ණය වර්ධනය මැදි කාලීනව ඉල්ලුම් පීඩන ඉහළ යෑමේ අවදානම් ඇති කළ හැකි බව ද එහි දැක්වේ.
උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා මතුව ඇති අවදානම් පිළිබදව එම මහ බැංකු වාර්තාවේ මෙසේ ද සදහන් වේ.
අපේක්ෂිත මට්මට වඩා වේගයෙන් ආනයන ඉල්ලුම ඉහළ ගියහොත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පුරෝකථන ඉක්මවා යෑම සිදු විය හැකිය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ දිට්වා සුළි කුණාටුව සම්බන්ධ නැවත ගොඩනැගීමේ කටයුතු හේතුවෙන් ආනයන ඉහළ යා හැකි අතර, අපේක්ෂා කළ මට්මට වඩා වැඩි වෙළඳ හිඟය මගින් විදේශ විනිමය ඉල්ලුම ඉහළ නැංවීමට සහ විනිමය අනුපාතිකය මත පීඩනයක් ඇති කිරීමට ඉඩ ඇත. නිතර සිදුවන අහිතකර කාලගුණික තත්ත්ව කෘෂිකාර්මික නිෂ්පාදනයට බාධා ඇති කර විදුලි උත්පාදන ප්‍රභව මිශ්‍රණයේ වෙනස්කම් ඇති කළ හැකි අතර, පසෙහි ගුණාත්මකභාවය අඩුවීම කාලයත් සමඟ කෘෂිකාර්මික ඵලදායීතාව අඩු වීමට හේතු විය හැකිය. මේ සමඟ ඇති විය හැකි දිගු කාලයක් පුරා පවතින සැපයුම් අංශයේ බාධා ආහාර සහ බලශක්ති මිල ඉහළ යෑමට බලපානු ඇත. මෙම බලපෑම් අඛණ්ඩව පැවතුනහොත්, උද්ධමනය වත්මන් පුරෝකථන ඉක්මවා යා හැකිය.’
එක්සත් ජනපද සහ වෙනත් ප්‍රධාන ආර්ථිකවල පැතිරී පවත්නා දිගුකාලීන අවිනිශ්චිතතා සමඟ ගෝලීය භූ දේශපාලනික සහ සාර්ව ආර්ථික තත්ත්ව නිතර වෙනස් වෙමින් පවතින බවත් එසේම ගෝලීය සැපයුම් දාමවලට සහ භාණ්ඩ වෙළඳපොළට ඇතිවන බාධා මිල උච්චාවචන ඉහළ නැංවිය හැකි නිසා ඒ හරහා ද දේශීය උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇති කළ හැකි බව ද එහි සදහන් වේ.
මේ අතරම අනිත් අතට උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා පහළ යෑමේ අවදානම් පවතින බව ද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina

උද්දමනය වැඩිවෙයි කියලා අපි දැනන් හිටියා හැබැයි මෙහෙම වැඩිවෙයි කියලා හිතුවේ නෑ.
ReplyDeleteමීට,
EPF අරමුධල මංකොල්ල කාපු උඩුරැවුල් පොන්නලාල්
Kauda ubata oya pachay kivve? Deyak kalin hoyala balala kiyapan ban.
Delete