ලොව ප‍්‍රථම සමලිංගික අගමැති දිවුරුම් දෙයි..

 


නෙදර්ලන්තයේ ලාබාලතම මෙන්ම ප්‍රථම සමලිංගික අගමැතිවරයා ලෙස 38 හැවිරිදි රොබ් ජෙට්න් (Rob Jetten) දිවුරුම් දී ඇත. 

ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේ එරට අන්ත දකුණත් පාර්ශ්වීය පක්ෂයක් වන 'නිදහස් පක්ෂය' (PVV) පරාජය කරමිනි.

ජෙට්න්  නියෝජනය කරන 'ඩෙමොක්‍රැට්ස් 66' (D66) පක්ෂය, මධ්‍යස්ථ-දකුණත් 'ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී අභියාචනය' (CDA) සහ ලිබරල් 'ජනතා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' (VVD) සමඟ එක්ව නව සභාග රජයක් පිහිටුවා ඇත. 

කෙසේ වෙතත්, මෙම සභාගය සතු වන්නේ ආසන 150 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 66 ක් පමණක් වන බැවින්, ඉදිරි පාලන කටයුතු සඳහා විපක්ෂයේ සහය ලබා ගැනීමට ඔහුට සිදුවනු ඇත.

රොබ් ජෙට්න් යුරෝපයේ නව පරපුරේ නායකත්වයක් නියෝජනය කරන අතර, ඔහු යුරෝපා සංගමයට හිතැති, ලිබරල් සහ දේශගුණික විපර්යාස කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන නායකයෙකු ලෙස ප්‍රසිද්ධය. 

2001 වසරේදී සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට නෙදර්ලන්තය වුවද, එරට රජයේ ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධ සමලිංගිකයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඔහු 2018 වසරේදී සිය ලිංගික අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කරන ලදී.

ජෙට්න් ගේ සහකරු වන්නේ ආර්ජන්ටිනාවේ වෘත්තීය ක්ෂේත්‍ර හොකී ක්‍රීඩකයෙකු වන නිකොලස් කීනන් (Nicolás Keenan) ය. කීනන් ඔලිම්පික් වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි නියෝජනය කර ඇති අයෙකි. වසර කිහිපයක සිට සබඳතාවක් පවත්වන මෙම යුවළ මේ වන විට විවාහ ගිවිසගෙන සිටියි.

තම අනන්‍යතාවය නායකත්වයේ දැකීමට කැමති LGBTQ+ තරුණ පරපුරට ජෙට්න්ගේ මෙම පත්වීම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

15 Comments

  1. නෙදර්ලන්තය අපිට පරාදයි. අපේ අගමැතිනිය ගහල තියන වාර්තාව කාටවත් කඩන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. කාටද ආඩම්බර.....?February 24, 2026 at 11:27 PM

      අගමැතිනිය විතරක් නෙමේ, ප්‍රථම සමලිංගික කතානායක ඉන්නෙත් අපේ රටේ.

      Delete
    2. ආර්යාව විදිහට මිනිහ මැරිච්ච ගෑණියෙක් තියාගන ඉන්න රටේ පලවෙනි පුරවැසිය ඉන්නෙත් මේ රටේ නේද? ඒකත් වාර්තාවක් තමයි.

      Delete
    3. ඊයා ඕයි. තමුසෙලගෙ අර මහලොකු නායකය මහ සවුත්තු ගේමක් නෙ ගහල තියෙන්නෙ ඔක්ස්ෆඩ් දේශනයක් දෙන්න.
      ඔක්ස්ෆඩ් යුනියන් එකේ ඉතිහාසේ තාත්තයි පුතයි දෙන්නම රිජෙක්ට්.
      ඩයස්පෝර ඩයස්පෝර ගෑවට වැඩිම විරුද්දත්ව ලියුම් ඇවිත් තියෙන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් එංගලන්තෙ ඉන්න. හප්පෝ චා මැක්ස්.
      ලංකාවෙත් දොට්ට - පිටරටවලත් දොට්ට.

      Delete
  2. this news is not corect sri lanka harini is the 1st

    ReplyDelete
  3. අපේ වාර්තාව කඩන්න බැහැ.

    ReplyDelete
  4. This roprt is wrong, 1st LGBTQ prime minster sworn on 24 Sep 2024 in SL.

    ReplyDelete
    Replies
    1. When did the word's first LGBTQ Speaker of the parliament swear on?

      Delete
  5. We have the first man with punchi amma and second and third are LGBTQ. No one can beat Sri Lanka. What a shame.

    ReplyDelete
  6. ආප්ප බාන එවුන් ගල් කපන උන් ඔය තනතුරුවලට එන්නෙ
    WEF එකේ බලපෑමෙන්

    ReplyDelete
  7. This handsome guy is guy? what a waste...Feeling sad for the ladies in Netherland :)

    ReplyDelete
  8. This handsome guy is gay? what a waste...Feeling sad for the ladies in Netherland :)

    ReplyDelete
  9. නෙදර්ලන්තයට විරුද්ධව නඩු දාන්න ඕනේ බොරු ලෝක වාර්තා ප්‍රකාශ කරනවට.

    ReplyDelete
Previous Post Next Post