ඝාතනයට ලක් වූ නීතිඥවරයා අපරාධකරුවන්ට පෙනී සිටි අයෙකු ලෙස හංවඩු ගසමින් එම ඝාතනය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන අධිකරණ අමාත්‍යවරයා ද මීට පෙර නීතිඥයෙකු ලෙස අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෑතකදී සිදු වූ නීතිඥ ඝාතනය සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය විවේචනය කළ මන්ත්‍රීවරයා, විෂය භාර අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුත්තන් එම ඝාතනයට ලක්වූ පුද්ගලයා "අපරාධකරුවන්ගේ නීතිඥයෙකු" ලෙස හැඳින්වීම නීති වෘත්තියට කරන නිග්‍රහයක් බව පෙන්වා දුන්නේය.
"අධිකරණ ඇමතිවරයාත් වෘත්තියෙන් නීතිඥයෙක්. එතුමාත් අතීතයේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එහෙනම් එතුමාත් අපරාධකරුවන්ගේ නීතිඥයෙක්ද?" යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සභාවේදී ප්‍රශ්න කළේය.
ඕනෑම පුද්ගලයෙකුට නීති සහාය ලබා ගැනීමට අයිතියක් ඇති බවත්, නීතිඥවරයෙකු තම වෘත්තීය කටයුතු කිරීම මත ඉලක්ක කිරීම හෝ ඝාතන සාධාරණීකරණය කිරීම පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
රටේ සිදුවන ඇතැම් සංවිධානාත්මක අපරාධ පිටුපස වර්තමාන රජයේ දේශපාලන හස්තයක් පවතින්නේ දැයි සැකයක් පවතින බව පැවසූ මන්ත්‍රීවරයා, මෙම අපරාධකරුවන් පාලනය වන්නේ ජනාධිපති කාර්යාලයෙන්, අගමැති කාර්යාලයෙන් හෝ පැලවත්තෙන්ද යන්න ජනතාවට ප්‍රහේලිකාවක් වී ඇතැයි සඳහන් කළේය.
වරායෙන් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, ලිඛිත අවසරයකින් තොරව මෙවැනි දෑ වරායෙන් පිටතට යා නොහැකි බවත්, ඒ සඳහා අවසර දුන් බලධාරියා කවුද යන්න හෙළි කළ යුතු බවත් පැවසීය. මත්ද්‍රව්‍ය මර්දනය කරනවා වෙනුවට රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වක්‍රව උදව් කරන්නේද යන්න ඔහු ප්‍රශ්න කළේය.
වගා හානි සඳහා ගොවීන්ට ලබා දුන් වන්දි චෙක්පත් අගරු වීම සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හරහා රජය ගොවි ජනතාව අසරණ කර ඇති බවත්, වෘත්තීය සමිති මර්දනය සඳහා රණවිරුවන් යොදා ගැනීම රණවිරු ගෞරවයට හානියක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජය වෛරී දේශපාලනය පසෙකලා, නීතියේ ආධිපත්‍යය සුරකිමින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගත යුතු බව නාමල් රාජපක්ෂ මහතා සිය කතාව අවසන් කරමින් කියා සිටියේය.

ඒත් ඔබතුමා වගෙ පඩිපෙළේ ලෝයර් කෙනෙක් නෙමේ නේ. කොප්පේ ගහල විභාග පාස් කරපු.
ReplyDeleteතාත්ත කියන්නෙ නැද්ද පුතේ පොඩ්ඩක් කතා කරන එක අඩු කරල ඇහුම්කන් දෙන එක වැඩි කරන්න කියල?
නෑ????
ඔව් ඉතිං, තාත්තව කාපු උන් රැලේ උඹත් උඩින්ම ඉන්නව නේ.
ඔච්චර වැලලි වැලලි ඉන්නෙ නඩු දාපංකෝ මූට විරුද්දව. නැත්තං අර පාපිසි ටික කරනව වගේ CID එකට ගිහිං පැමිණිල්ලක් දාපංකො මූ කොප්පෙ ගහලය නීති විබාග පාස් කලේ .. ඒ ගැන හොයල මුගේ නීතීඥ කම නැතිකරල දාන්නය කියල.
Deleteඊට කලින් භෞතික විජ්ජා උපාධිධාරියාගේ ජනේලෙන් පැන්න ඩිග්රිය හොයපන්කෝ.( ග්‍රුපයිට් හදන්නෙ මිනිරන් වලින් මුහුදු වතුරෙන් ගත්ත සල්පියුරික් වලින් ආලෝක වර්ෂයක වේගයෙන්ළු කොහොමද මොලේ.)
Deleteනඩුව 19. 20 ඉඳලා හොර පෙරකදෝරුව ආපහු නහයෙන් අඩන්න පටන් ගනී. ඒත් අවසානය අත ළඟයි
Deleteඕනෑම පුද්ගලයෙකුට නීති සහාය ලබා ගැනීමට අයිතියක් ඇති බවත්, නීතිඥවරයෙකු තම වෘත්තීය කටයුතු කිරීම මත ඉලක්ක කිරීම හෝ ඝාතන සාධාරණීකරණය කිරීම පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
ReplyDeleteWell done Namal❤️❤️. This government cannot do anything but to use filthy dobis to clean their shit
ReplyDeleteWell said .............
Deleteඅදිකරන ඇමති අපරාධකාරයෝ වෙනුවෙන් පෙනී සිටින පෙරකදෝරුවෙක්. මම නම් බාර් එක්සෑම් එක හොරට ලියලා හොරාකාලා රට බංකොලොත් කරපු හොර පෙරකදෝරු අපරාධකාරයෙක්. අපේ සාටක පවුලට තව හොරාකන්න මාව 2029 ජනාධිපති කරන්න බයියනි.
Deleteමීට,
නෑමොලේ රාජපස්ස.