මාලිමා අපේක්‍ෂකයෙකුගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක්..


ගාල්ල, ගිංතොට, ගිංගග මාවතේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් අද (25) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් දියත් කර ඇත. නාඳුනන පිරිසක් විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාරයේදී මුලින්ම නිවසේ වහලය වෙත බෝම්බයක් එල්ල කර ඇති අතර, අනතුරුව නිවස ඉදිරිපිට පරිශ්‍රයට තවත් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වහලය මත පතිත වූ බෝම්බය පුපුරා යාමෙන් එහි ව්‍යුහයට අලාභහානි සිදුව ඇත. ප්‍රහාරකයන් විසින් නිවස ඉදිරිපිටට දමන ලද අනෙක් බෝම්බය පුපුරා ගොස් නොමැත.

මෙම ප්‍රහාරයට ලක්වූ නිවසේ පදිංචිකරුවෙකු පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු බව අනාවරණය වී ඇත.

සිද්ධියට වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

2 Comments

  1. පොඩි මයින ගෙ ගෝලයෙක්ගෙ වැඩක් එකත් එකටම.

    ReplyDelete
  2. ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් නෑ. පාතාල කණ්ඩායම් අතර ප්‍රශ්නයක්

    ReplyDelete
Previous Post Next Post