ජනාධිපති කාර්යාලය ඉදිරියේ පවුල් පිටින් මාරාන්තික උපවාසයක් අරඹති..


යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මාදැල් ඇදීම රජය විසින් තහනම් කිරීමට එරෙහිව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස ක්‍රියාත්මක විරෝධතාව තීරණාත්මක අඩියකට පැමිණ තිබේ. 

සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, අද (09) දින සිට තම අඹුදරුවන් ද සමඟ මාරන්තික උපවාසයක නිරත වන බව විරෝධතාකරුවෝ අවධාරණය කරති.

කොළඹ කොටුව, ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට ඊයේ (08) දිනය වන විට උපවාසය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත්විණි.

මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත් දිවයින පුරා වෙසෙන සියලුම මාදැල් ධීවරයන් අද සිට සිය කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

මෙම අරගලයට සහාය පළ කිරීම පිණිස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ද ඊයේ එම ස්ථානයට පැමිණියේය. 

ඔහු ද විරෝධතාකරුවන් සමඟ එක්ව සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිය සහයෝගය පළ කරනු දක්නට ලැබිණි.

6 Comments

  1. මහමුහුද හූර ගෙන කන්න හදනවා නේද?
    අහන්න දෙයක් නෑ, ක‍ජු පොන්ටියගෙ, නාකි මයිනගෙ සාම්පලේ. හෙට උන්ට හෙන ගැහුවත් කමක් නෑ අපි ගොඩ නං.

    ReplyDelete
    Replies
    1. ඔව්, අවලම් බල්ලො. අනේ අම්මපා මුන්ට නේ තෙල් සහනාධාර දෙන්නෙ.

      Delete
    2. ඇ ඛොල ඛුරැවෝ උඛ කටෙන්ද පුපෙන්ද කතා කරන්නේ

      Delete
    3. ඇත්තටම මේ වගේ කාලකණ්ණි තමා මුහුදු ගිහින් ආපහු එන්නෙ නැත්තෙ

      Delete
  2. 😂අද අපිටත් ජනාධිපති කියල කියන්න වෙලා තියෙන කෙනා එදා කිව්ව නේද SMS එකෙන් මාළු ඉන්න තැන හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනව කියලා? ඉතින් ඕක ඒ අයට හදල දුන්න නම් අඩු ගාණෙ ඒ අය මාළු ඉන්න තැන් වලට හරි යාවිනේ.😂😂😂මේ වගේ බොරු කියපු උන්ට මේ දඬුවම් දෙන්නෙ ස්වභාවධර්මය. වෙන මොකුත් නෙමේ. එහෙන් මේ රටේ කොටින්ට , ඒ කියන්නෙ ත්‍රස්තවාදීන්ට වක්‍රව සපෝර්ට් කරනවා. ප්‍රභාකරන්ගෙ ගෙවල් හදල දෙනවට වඩා කරනවනම් කරන්න වැඩ ඕනෙ තරම්. විජේවීරගෙ ගෙදරනම් තව කමක් නෑ. කොහොමත් ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්ට සපෝර්ට්. මොනව උණත් ඔය දේවල් කරන්න මෙයාට බලය දීලා නෑ. 42% මහලොකු ජනාධිපති. වෙනත් කෙනෙක් අද මේ විධියට බලයෙ හිටිය නම් බලාගන්න තිබුණා වෙන දේ.

    ReplyDelete
  3. hondawada api malu mamata kiyala deepu eunta .pacha walata rawtila rata amaruwe dapu unata.karume pala denawa.jepi saape kiyanne okata thamai..

    ReplyDelete
Previous Post Next Post