මට කෝටි තුනකට කලින් ආණ්ඩුවට එන්න කිවුවා.. මං බෑ කිවුවා..- මාලිමා මන්ත‍්‍රී


2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක (රුපියල් මිලියන 30ක) මුදලක් ලබාදීමට යෝජනා කළ බව රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අනාවරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එවකට පැවති රජය නියෝජනය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා විසින් මෙම  යෝජනාව තමන් වෙත රැගෙන ආ බවය.

නමුත් තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් තමන් එය තමව් තේරුම් ගත්තේ තමන්ට කළ අපහාසයක් ලෙස බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

8 Comments

  1. කවුද බං උඹ වගේ එකෙක්ව ගන්න හදපු එක 🤦‍♂️. මල් පැල කියලා පෙන්නගෙන හිටියට උඹලා නිදිකුම්බා පඳුරු නේ.

    ReplyDelete
  2. "තමන් එය තේරුම් ගත්තේ තමන්ට කළ අපහාසයක් ලෙස බවත් ඔහු තවදුරටත් කියා සිටියේය". මේකට හොඳට මොලේ තියනවනෙ තේරුම් ගන්න​.

    ReplyDelete
  3. පවු මූට පක්ෂය
    ඇතුළේ පිලි ගැනීමක් නැති නිසා උගේ වටිනාකම ඉහළ දා ගන්න මේ වගේ කතා කියනවා ද කොහෙද.මේ වගේ උන්ට කවුද බං ලක්ෂ 300 දෙන්නේ ?අඩු ගානේ මූට කෙහෙල් ගෙඩි යේ නැට්ට කුණු වෙන එකට විසදුමක් තියනවාද?

    ReplyDelete
  4. මූ හරකා. ලබන ඡන්දෙන් ගෙදරම තමයි. රත්නපුරට රේල්පාර එනව කියල මාර ටෝක් දීපු එකෙක්. කෝ බං රේල්පාර. 2050 වත් එයිද?

    ReplyDelete
  5. මසට හොඳ එකෙක් වගෙයි.

    ReplyDelete
  6. අපහාසයක් කියලා වැරදියට තේරුම් ගත්තෙ නැතිනම් කෝටි තුන ගන්නවා. දැන් අපරාදෙ කියලා හිතෙනවා.

    ReplyDelete
  7. ප්‍රාෙද්ශීය සභා සභාපති කෙනෙක් කොහේද බං ලක්ෂ 300 ක් දෙන්නෙ. ඌ බොරුවට කතා කරපු බව දැනගෙන උඹ බෑ කිව්වෙ. කොහොමද ටිකිරි මොලේ. ඇත්ත ඩීල් එකකට කතා කලා නම් උඹ බෑ කියයි. අනේ පලයං බං යන්න

    ReplyDelete
  8. එදත් බොරු හා පංච, අදත් බොරු හා පංච, ඉදිරියටත් එහෙමම තමයි. රියල් ජෙබයි

    ReplyDelete
Previous Post Next Post