‘ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ නිජබිමට කළු දිනයක’ කිලිනොච්චියේ විරෝධතා..

 


ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනයට සමගාමීව, එය තමන්ට 'කළු දිනයක්' බව පවසමින් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චිය නගරයේදී අද (04) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණි.

උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් සිවිල් සංවිධාන, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

දෙමළ ජනතාවගේ දේශපාලන ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නා ලෙස බලකර සිටීම,  යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව අතුරුදහන් වූ තම ඥාතීන්ට සිදුවූයේ කුමක්ද යන්න හෙළි කරන ලෙස බල කිරීම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සතු ඉඩම් රජය සතු කරගැනීම ඇතුළු ඉල්ලීම් විරෝධතාකරුන් ඉල්ලූහ.

විරෝධතාකරුවන් කළු පැහැති ඇඳුමින් සැරසී සිටි අතර, "ශ්‍රී ලංකාවේ නිදහස් දිනය - දෙමළ නිජබිමට කළු දිනයකි" (Sri Lanka’s Independence Day - Black Day for the Tamil Homeland) යනුවෙන් සඳහන් කළ විශාල බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

කිලිනොච්චිය කෝවිල අසලින් ආරම්භ වූ මෙම පාගමන නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ ගමන් කළ අතර, විරෝධතාවය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුණි.

7 Comments

  1. කොපමණ සාමයට අත දිගු කරත්, ජාතිවාදය අත හරින්නේ නැති පිස්සො ටිකක්.

    ReplyDelete
  2. NPP promote Tamil Homeland

    ReplyDelete
  3. I don't see how... First of all, Tamil homeland is in India, Thamilnadu. You are just some migrants.

    ReplyDelete
  4. දැන් තේරෙනවා නේ එන්.ජී. ඕ. නඩ, දේශ ද්‍රෝහී පරගැත්තන් සිංහලායාට නිතරම මතුරපු "සමානාත්මතාවය" / "සංහිඳියාව" / "ශ්‍රී ලාංකික බව" / ආදීවූ මන්ත්‍ර පුස්සක් බව. පර දෙමළා දෙමළා මයි. පර සුද්දන් විසින් කක්කුසි හෝදන්න, වතු වැඩ කරන්න, පාරවල් හදන්න අපේ සිංහල දේශයට ගෙනාපු කුලී කාරයන් ගෙන් පැවත එන පරම්පරා වල එවුන් ආපහු ඒ රටවලටම පටවන්න ක්‍රියාත්මක කෙරුවේ නැත්නම්, ඉන්දුනීසියාවේ මෙන් භූමි පුත්‍ර සංකල්පයක් නිර්මාණය කරලා රටේ සියලුම අයිතිවාසිකම් ඓතිහාසික පාරම්පරික උරුමක්කාරයන් වන සිංහලයන්ට පමණක් බවට නීතිගත කළ යුතුය. එසේ නොවුනොත් මේ පර ජාතීන් කවදාවත් සමාදානයෙන් ඉන්න කැමති නෑ.😡😡😡

    ReplyDelete
    Replies
    1. ඔව්, අපේ සිංහල රට පර සුද්දන්ට රදලයන් පාවාදී යටත් විජිතයක් බවට පත්වෙන්න පෙර පැවැතියා සේ, ඓතිහාසික කන්ද උඩරට ගිවිසුමේ ද සඳහන් පරිදි රට "සිංහලය" ලෙස නම් කල යුතුය. පර සුද්දන් ගෙන් පැවත එන වෙනත් ජන වර්ග වලින් පැවත එන උන් තව දුරටත් අපේ නිජ බිමේ තව දුරටත් ජීවත් වීමට කැමති නම් උන් මහා සංස්කෘතියට අනුගත විය යුතුය. රට යටත් විජිතයක් වන්නට පෙර පැවැතියා සේ සිංහලේ එකම ආගම බුද්ධ ධර්මය පමණක් බවට පත් කළ යුතුය. රටේ සියලු පුරවැසියන් "සිංහල" ලෙස පමණක් හැඳින්විය යුතුය. (පුරවැසි භාවයේ අනන්‍යතාවය සඳහන් කළ යුතු තැන්වල (ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය වැනි) රටේ භූමි පුත්‍රයන්, ඓතිහාසික උරුමක්කාරයන් වන සිංහලයාගේ ජාතිය සඳහන් කිරීමේදී "සිංහල" (භූමි පුත්‍ර / පාරම්පරික) ලෙසත් වෙනත් ජන වර්ග "සිංහල" (උපතින්) ලෙසත් වර්ගීකරණය කළ යුතුය. රටේ ජාතික කොඩිය ලෙස එදා පැවති සිංහල කොඩිය යලි ස්ථාපිත කළ යුතුය. තව වැදගත් බොහෝ කාරණ ලියන්නට ඇතත් මේ එයට අවස්ථාව නොවේ. 1986 වසරේ පමණ පැවති "සිංහල කොමිසම" ට පිටු 58 කින් යුත් සම්පූර්ණ වාර්තාවක් මා විසින් ඉදිරිපත් කර ඇත. රටේ ඓතිහාසික උරුමක්කාර භූමිපුත්‍රයන් ගේ මතු සුභසිද්ධිය පිණිස පරයන් සුරතල් කිරීම වහා නවතා දමා රාජ්‍ය සුරක්ෂිත කිරීමට වහා පියවර නොගතහොත් පරයන් රට, දැය, සමය මුන් වනසා දමනවා නොඅනුමානය

      Delete
  5. දැන් තේරෙනව නේද ඇයි ලපය ගිය අවුරුද්දෙ නිදහස් දිනේ දියාරු කරල රණවිරු කියන් නැතිව සෙබලු කිව්වෙ කියල. මේ සැරේ දකුණ බේරගන්න කොලඹ ඉඳන් හොටු පෙර පෙර උතුරෙ එවුන් ෆෝම් කරල​.

    ReplyDelete
  6. නිදහස් චතුරස්‍රයේ ඉඳගෙන රටේ ලොක්කා අපට ඇඟිල්ල දික් කරලා පාරම්බානවා ජාතිවාදය ආගම්වාදය අපේ ශබ්ද කෝෂයේ අවලස්සනම වචන දෙකලු, ඵ්කට ආයෙත් ඉඩදෙන්නෙත් නැහැ කියලා.ඵතකොට උතුරේ ත්‍රස්තවාදී හිතවතුන් ජනපතිට කණ පැලෙන්න ගහනවා නේද මේ?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඔයාගේ බයිලා අහලා අපට දැන් ඇතිවෙලා.

    ReplyDelete
Previous Post Next Post