ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙකුගේ සමීපතම ඥාතීන් පිරිසක් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා අහිංසක ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
මන්ත්‍රීවරයා සඳහන් කළේ ජාතික ජන බලවේගයෙන් තලංගම කොට්ඨාසයට තරඟ වැදුණු ලීලාරත්න නාරද නැමැත්තාගේ පුත්‍රයා සහ ලේලිය (සුධර්මිකා බිලෝනි) එක්ව ජපානයට පිරිස් යවන බව පවසා මෙම ජාවාරම පවත්වාගෙන යන බවයි.
මෙහිදී එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 බැගින් ලබාගෙන ඇති බවත්, නුවර ප්‍රදේශයේ පිරිසක් තම නිවාස උගසට තබා මෙලෙස මුදල් ගෙවා ඇති බවත් ඔහු අනාවරණය කළේය.
මෙම වංචාවට සම්බන්ධ බව කියන සුධර්මිකා බිලෝනිගේ විවාහ සහතිකයට සාක්ෂිකරුවෙකු ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව පවසමින් මන්ත්‍රීවරයා එම ලේඛන සභාවට ඉදිරිපත් කරන ලදී.
මීට අමතරව, ජාඇල නගර සභාවට වසර 52ක් පුරා අයිතිව තිබූ 'සෙක්ඛුවත්ත' ක්‍රීඩාපිටිය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා දූෂණ චෝදනාවක් එල්ල කළේය.
මෙම ක්‍රීඩාපිටිය පෞද්ගලික පුද්ගලයෙකුට අයත් බව පවසමින්, මහජන මුදල් රුපියල් කෝටි 19ක් එම පුද්ගලයාට ලබාදීමට සූදානම් වන බවත්, මෙය "පට්ටපල් හොරකමක්" බවත් ඔහු අවධාරණය කළේය.
වසර ගණනාවක් නගර සභාව යටතේ තිබූ ක්‍රීඩාපිටියක් සඳහා මෙලෙස මුදල් ගෙවීමට උත්සාහ කිරීම පිටුපස විශාල වංචාවක් ඇති බව ඔහු පැවසීය.
තමාට හොරු යැයි චෝදනා කරන පිරිස් මෙවැනි වංචාවන් සිදුකරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස විෂය භාර අමාත්‍යවරයාගෙන් සහ අගමැතිනියගෙන් ඉල්ලා සිටියේය.
තවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ගෙන ආ සංශෝධන පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමාට විශ්‍රාම වැටුපක් අනවශ්‍ය බවත්, අදාළ සංශෝධනය ඉදිරිපත් කළේ තමාගේ පෞද්ගලික වාසියට නොවන බවත්ය. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය අත්සන් කළ දින සිට වලංගු වන පරිදි ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Me pamkayanta chande dunna bayiyanta Hoda wade
ReplyDeleteවඩේ වඩේ වඩේ වඩේ
ReplyDeleteමයින කරෝල වඩේ.....
වඩේ විකුනන එක හොදයි ඛන් හොරා කනවට වැඩිය
Deleteඅපේ වසම්ත ලොක්කත් කෝච්චියෙ වඩේ වික්කට කියන්නේ නං කෝච්චියෙ බිස්නස් කළා කියල
Deleteහැම රෙද්දක් ම හොයනවා
ReplyDeleteඇයි ඉතින් උබට පාන්ද
Delete