දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සඳහා පවතින දැඩි හිඟය සහ මිල පාලනය කළ නොහැකි වීම හේතුවෙන් රජය විසින් ආනයනය කරන ලද පොන්නි සම්බා සහල් ද මේ වන විට නියමිත මිලට වඩා වැඩි මුදලකට අලෙවි වන බව අනාවරණය වේ.
පාරිභෝගිකයාට සහනයක් වීමට ගෙන්වූ මෙම සහල් වර්ගය ද මේ වන විට කළු කඩ මිලකට අලෙවි වීම විශේෂත්වයකි.
රජය විසින් නියම කර ඇති රුපියල් 260ක උපරිම සිල්ලර මිල නොතකමින්, වෙළෙඳපොළේ පවතින හිඟය ප්‍රයෝජනයට ගෙන කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 330 සිට 380 දක්වා වූ අධික මිල ගණන් යටතේ අලෙවි කෙරේ.
කීරි සම්බා සඳහා විකල්පයක් ලෙස රජයේ අනුමැතිය මත මෙරටට ගෙන්වූ පොන්නි සම්බා (GR 11) සහල් වර්ගයේ පාලන මිල රුපියල් 255ක් ලෙස නියම කර තිබුණි.
කීරි සම්බා හිඟයට සමගාමීව පොන්නි සම්බා සහල් සඳහා ද ඉල්ලුම ඉහළ යාම නිසා, ඇතැම් ප්‍රදේශවල එම සහල් කිලෝවක් රුපියල් 270ත් 275ත් අතර ඉහළ මිලකට අලෙවි කෙරෙන බව වාර්තා වේ.
සහල් හිඟය පදනම් කරගනිමින් වෙළෙඳුන් විසින් මෙලෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීම නිසා සාමාන්‍ය පාරිභෝගිකයා දැඩි අපහසුතාවට පත්ව සිටියි.

අවුලක් වෙන එකක් නෑ, මාලිමාවෙ උන් බත් කන්නෙ නෑනෙ.
ReplyDeleteසුපිරි. හාල් ගෙන්නන උනුත් රෝල්ස් රොයිස් ගනීවි. උත්ටත් යන කලදසාවක් තියෙන්න එපැයි.
ReplyDeleteඊට පස්සේ අල ගෙන්නන උන්,
ලූණු ගෙන්නන උන්
ඔක්කොටම හොඳට සැලකුවාම ඡන්දෙදි එයාලා ආණ්ඩුවට හොඳට සලකනවා.
තේරුම් ගනිල්ලකො.
NAHEN ADANNATHUWA HITAPALLA, ubalata thanakola thienawane
ReplyDelete