වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තෙත වී මිලදී ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් වී ගොවියා මුහුණ දී ඇති ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට තව වසරක් හෝ දෙකක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී අලෙවි මණ්ඩලයේ දැනට පවතින ගබඩා ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අතර, දීර්ඝ කාලයක් වී ගබඩා කර තැබිය හැකි සෛලෝ පහසුකම් රජය සතු නොවන බවයි.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ගොවීන්ට වී වේලා ගැනීමට අපහසු වී ඇති අතර, තෙත වී මිලදී ගැනීමට රජයට හැකියාවක් නොමැති වීම හේතුවෙන් පෞද්ගලික අංශය රුපියල් 75ත් 85ත් වැනි අඩු මිලකට වී මිලදී ගන්නා බව අමාත්‍යවරයා පිළිගත්තේය.
මෙම ගැටලුවට පිළියමක් ලෙස ගොවීන් 20ත් 25ත් අතර කණ්ඩායම් සඳහා වී වේලන යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් රජය සහ බැංකු පද්ධතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමඟින් ගොවියාට තම නිෂ්පාදනය වේලා ගබඩා කර තබාගෙන වැඩි මිලකට අලෙවි කිරීමේ අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
"අපේ ගෙවල්වල තිබුණු නෑඹිලිය අයින් කළේ ඩඩ්ලිලා, රත්නලා වැනි ව්‍යාපාරිකයන්" බවත්, ඔවුන් නව තාක්ෂණය භාවිත කර ගල් වැලි ඉවත් කළ ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොළට හඳුන්වා දීම හරහා ගෘහණියට පහසුවක් සැලසූ බවත් ඔහු පැවසීය.
ඒ පිළිබඳව ඔවුන්ට ගෞරවයක් හිමිවිය යුතු වුවද, ගොවියාගේ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලට වී මිලදී ගැනීම අසාධාරණ බවත්, ව්‍යාපාරිකයන්ට ඒ සම්බන්ධයෙන් පුරවැසි වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය
මහා පරිමාණ සහල් මෝල් හිමියන් අසාධාරණ ලෙස මුදල් උපයා වාහන ලබාගෙන ඇත්දැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බවයි.
මෙම ව්‍යාපාරිකයන් විවිධ නිෂ්පාදන ක්‍රියාවලීන්, කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රය වැනි අංශවල විවිධ ආයෝජන සිදුකරන පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේය.
කොළඹින් බැහැරව අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවල මෙවැනි ව්‍යාපාරිකයන් බිහිවීම පිළිබඳව තමන් සතුටු වන බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් රටේ සහල් නිෂ්පාදනයට සිදුකළ දායකත්වය ද අගය කළේය.
"අපේ ගෙවල්වල තිබුණු නෑඹිලිය අයින් කළේ අම්මලා තාත්තලා නෙමෙයි, ඩඩ්ලිලා සහ රත්නලා වැනි ව්‍යාපාරිකයෝ. ඔවුන් නව තාක්ෂණය භාවිත කරමින් ගල් වැලි ඉවත් කළ, ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොළට හඳුන්වා දීම හරහා ගෘහණියට විශාල පහසුවක් සැලසූවා" යැයි ඔහු පැවසීය.
රජය නොව, මෙම ව්‍යාපාරිකයන් විසින් මෙරටට හඳුන්වා දුන් එම තාක්ෂණික කාර්යභාරය වෙනුවෙන් ඔවුන්ට ගෞරවයක් හිමිවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත්, එවැනි වගකීම් සහගත ව්‍යාපාරිකයන් ලෙස ගොවියාගේ නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට වී මිලදී ගැනීම බරපතල වැරද්දක් බවත්, පුරවැසියන් ලෙස එවැනි අසාධාරණයක් සිදු නොකිරීමට ඔවුන් වගබලා ගත යුතු බවත් අමාත්‍ය ලාල්කාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

ජරාවෙ තරම පේනවනේ.
ReplyDeleteතනිකරම මෝල් හිමියන්ගෙ වහලෙක්
Deleteආරියතිලක
ReplyDelete"කටේ නරි වාදම රෙද්ද පල්ලෙන් බේරේ"
වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණීමට පෙර දෙන ලද මැතිවරණ පොරොන්දු හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දෙන ලද පොරොන්දු සියල්ල ගත් කළ, දෙන ලද පොරොන්දු වලින් ජනතාවගේ සුභ සාධනය සඳහා කරන ලද ඉෂ්ට කරන ලද එක් දෙයක් හැකිනම් කියන ලෙස ජනාධිපතිවරයාට හෝ ආණඩුවට අපි කියා සිටිමු. ගිය ආණ්ඩුවල ඇතැම් අය විසින් සොරකම් කළේ යයි කියන මුදල්, විදේශයන්ට ගෙන ගියේ යයි කියන මුදල්, නැවත අය කර ගන්නා බව මැතිවරණ වේදිකාවේ කෑ ගැහුව ද, අඩුම වශයෙන් එක රුපියක්, එක ඩොලරයක් හෝ එසේ අය කර නො ගත් බව කාටත් පැහැදිලි ය. හොරකම් කළ බවට කීප දෙනෙකුට නඩු පැවැරූ පමණින්, රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පමණින්, දේශපාලන වෛර පිරිමැසීම කළ පමණින් මේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා සිතනවා නම් ජනතාව සතුටු වේ යයි කියා එය බලවත් මුලාවක් බව කිව යුතු ය. ජනතාව විශ්වාස කළේ ජනාධිපතිවරයා ය. හොරකම් කළ මුදල් ගන්නවා කියූ ඒ මුදල් කෝ? ලංකා ඉතිහාසයේ අසාර්ථක ම පාලකයා බවට පත් වූ රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපතිවරයා බව දැනට නොකියා ම බැරි ය. ඔබ සහ ආණ්ඩුව සිතා සිටිනවා නම්, ලැබු ජනවරමෙන් උද්දාමයට පත් වී ඔබගේ පාලනය හරි කියා එය වැරදීමක්, බරපතල දේශපාලන කියවීමේ මුලාවක්, බව ද කිව යුතු ය. 1948 න් පසු බිහි වූ අසාර්ථක ම පාලනය අප අත් දකිමින් සිටී. පැවැති ආණ්ඩු වලන් පවත්වා ගෙන ආ, රාජ්‍ය නිළධාරීන්ගේ පළපුරුද්ද හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය මේ ආකාරයෙන්වත් බේරී ඇත්තේ ය. නැති නම් මහත් විනාශයක් රටට අත් වී හමාර ය. රටේ පරිපාලන හා ආර්ථිකය හසුවන නිළධාරීන්ගේ පළපුරුද්ද මත,ඒ හේතුවෙන් රට දුවත හැකි බව අපගේ අදහස ය. නමුත් එය රාජ්‍යයේ කාර්ය භාරය සම්පූර්ණ නො වන්නේ අමාත්‍ය මණ්ඩලය මගින් පාර්ලිමේන්තුවට වගවීම හැර, රාජ්‍ය නිළධාරීන් මගින් පාර්ලිමේන්තුවට වගවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති බැවිනි. විධායකය හා ආමාත්‍ය මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩලය නො වන අමාත්‍යවරු මගින් පාර්ලිමේන්‍තුවට රාජය පාලනය පිළිබඳ වගකීමට බැඳී ඇත්තේ ය.
දේශපාලන බලය ලැබූ පමණින් “ අපිත් මහ වීරයෝ” යැයි සිතන අඳ බාල පිරිසකට රටේ යහපත් වූ පාලනයක් ගෙන යා නො හැකි බව 2024 ඔක්තෝම්බර් 21 දින සිට අප අත්දකිමින් සිටී.
වත්මන් ජනාධිපතිවරයා වශ්වාස කර ඡන්දය දුන ජන්තාව අද ඉච්ඡා භංගත්වයට පත් වීම නො වැළැක්විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දදායකයින් එසේ නො වනු ඇත.
මනෝ මූලික න්‍යායන් වල සිහින මවමින් දේශපාලනය ප්‍රතිපත්ති ප්‍රකාශන ලිවිය හැක. එය සැබෑවට ම දේශපාලන නව කතාවකි. ප්‍රායෝගික ලෝකයේ රාජ්‍ය පාලනය යනු හදවත් රෝගියෙකුට කරන සැත් කමක් වැනි ය. රෝගියා පණ තියා ගෙන කරන බැවින් අතිශයින් සංකීරණය ය. පවුල නැමැති ඒකකයේ ජීවත් වීම බිඳ නො වැටෙන ලෙස රාජ්‍ය ප්‍රතිසංස්කරණ කළ යුතු ය. හදවතේ පණ නම් පවුල නැමැති ඒකකය ය. පවුල නැමැති ඒකකයේ ආර්ථි, සමාජ ආගමික, සංකෘතික පදනට පහර නො වදින ලෙස, බිඳ නො වැටෙන ලෙස රාජ්‍ය හැසිර විය යුතු ය.
වත්මන් පාලනය කටින් බතල කොළ සිටවන බව පෙනේ . පළ පුරුදු රාජ්‍ය නිළධාරීන් නිසා (පවතින ක්‍රමයට ගලාගෙන යන) මේ ආකාරයෙන්වත් රට බේරී ඇති බව නම් පැහැදිලිය ය.
කොමිස් කාක්කෙක්
ReplyDeleteකැරියා තොට හෙන ගහනවා
ReplyDeleteHotel tika ayin kala, mafiyawa nathi kala -----------what more
ReplyDeleteමුන් රටේ පස් ටිකක්වත් ඉතුරු කරයිද දන්නෙ නෑ. ඔක්කොම හොරා කාලා අදි දනකුවේරො වෙලා රට බංකොලොත් කරල යන්නෙ.දුප්පත් මිනිහ ඉවරෙටම ඉවරයි
ReplyDeleteලංකාවේ අය හොයා ගත්ත තාක්ෂණයක් නැහැ ගෞරවය හිමිවන්නේ චීනට. චීනගෙ මැෂින් නැතිනම් තාම හාල් ගරන්නෙ නෑබිලියෙ.
ReplyDeleteKALIN KIWWE API HAPPILA BALAMU KIYALA - REDDA THAMAI - PAW ETHIN
ReplyDeleteWhy this Lapa kota and the gang can not maintain the same price of commodities that prevailed during Ranil time. Now, Governer, ministers, Presidents et all say country is marching, cost of living is easing and lot of money.. why the fuck does Lapaya not do anything to bring down the cost of living.. Lapayo, get lost if you can not handle this.
ReplyDeleteLankawe ek pudgaslayek hal kilo 110 consume karanawa. eeanuwa wasarakata haal kilo 110x22 mil awashya wenawa. eka hal kilo ekakin Rs. 0.2 labayak thibunath (siyayata dahayaka sudhha l) wasaraka mulu labaya = 484 yi. 30% tax gewwama ithiriya Rs 338 mil. Mulu karmanthayen 1/2k oya lokkata thibunath eyage mulu labaya wasarakata Rs. 170 mil. So, how can a rice man buys helicopters or Rollsroyce?
ReplyDelete