මෙරට පවතින ගෑස් හිඟයට හේතුව ජනතාව ගෑස් රැස් කිරීම නොව, ආණ්ඩුව විසින් ප්‍රමිතියෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ගෑස් සැපයුම කුඩා ඇමරිකානු සමාගමකට පැවරීම බව ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.
ගෑස් හිඟය පිළිබඳව රජය පවසන කරුණු ප්‍රතික්ෂේප කරමින් ඔහු පෙන්වා දෙන්නේ ලාෆ්ස් ගෑස් හිඟය නිසා ලිත්‍රෝ ගෑස් සඳහා ඇති වූ ඉල්ලුම හෝ ජනතාව "පැනික් බයින්" (Panic Buying) හෙවත් ගෑස් රැස් කර තබා ගැනීම නිසා මෙම හිඟය ඇති වූ බව කීම "මෝඩ කතාවක්" බවයි.
ගෑස් යනු ෂොපින් බෑග්වල හෝ පෝර උරවල රැස් කළ හැකි දෙයක් නොවන බවත්, සිලින්ඩරය අවසන් නොවී නැවත ගෑස් ලබාගත නොහැකි බැවින් මෙලෙස ගෑස් රැස් කිරීම ප්‍රායෝගික නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
මීට පෙර ඕමාන් සමාගමක් මගින් සිදු කළ ගෑස් සැපයුම, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඇමෙරිකානු එක්සත් ජනපදයේ කුඩා සමාගමකට පවරා ඇති බව ඔහු හෙළි කරයි.
මෙරට මාසික ගෑස් අවශ්‍යතාව සපුරාලීමට නැව් හතරක් අවශ්‍ය වුවද, මෙම අලුත් සමාගම සතුව ඇත්තේ නැව් දෙකක් පමණක් බව ඔහු සඳහන් කරයි.
මාසයකට නැව් හතරක් අවශ්‍ය රටක සැපයුම් ටෙන්ඩරය නැව් දෙකක් පමණක් ඇති සමාගමකට ලබාදීමේදී තාක්ෂණික නිර්ණායක සලකා බැලුවේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
මෙම සැපයුම් ගැටලුව විසඳීමට උත්සාහ කරමින්, නැවක් කුලියට ගත හැකි දැයි බලන ලෙස ආණ්ඩුව අදාළ සමාගමට දන්වා ඇති බව ජයගොඩ මහතා අනාවරණය කරයි.
මෙලෙස අඛණ්ඩ සැපයුමක් සහතික කළ නොහැකි සමාගමකට ටෙන්ඩරය ලබා දීම පිටුපස කිසියම් දූෂණයක් හෝ දේශපාලන බලපෑමක් පවතින්නේ දැයි වහාම විමර්ශනයක් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
වැරදි සිදුවී ඇත්නම් ඒවා පිළිගැනීම දේශපාලන සංස්කෘතියේ හොඳ ලක්ෂණයක් බවත්, මේ පිටුපස සිටින දේශපාලඥයන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.
මෙම ක්‍රමවේදයන් නිවැරදි නොකරන්නේ නම් ගල් අඟුරු, ගෑස් හෝ හාල් යන කුමන දේ සම්බන්ධයෙන් වුවද පවතින ප්‍රශ්න අවසන් නොවන බව ඔහු පෙන්වා දෙයි
ජන අරගල සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ශය හා ජවිපෙ යනු වෙන වෙනම පක්ශ ලෙස පෙනී සිටින එකම පක්ශයකි. ඔවුන් මේ වෙන් ව සිටින බව පෙන්වන්නේ, එකෙක්ගේ බලය ගිලිහුනොත් අනෙකාට බලය ලබා දී තමන්ගේ හොර වංචාවන් වලින් ආරක්ශා වෙමින් සිටීමටය.
ReplyDeleteමාලිමා කොමිස් කාක්කෙක් තවත් 6 පහරක් එල්ල කිරීමට සැරසෙනවා වාගේ
ReplyDeleteජෙප්පො පෙරෙට්ටො සමාජ වාදී ලේබලයෙන් එන එවුන්ට කෑගහන්න දීලා හිටියට කමක් නෑ. ජජීවිතේට මොන නමකින් ආවත් මුන්ට චන්දෙ දෙන්න එපා. පේනවානෙ මාලිමාවට වැහිල ජවිපාවුන් රට කන විදිය.
ReplyDelete