සීනි සභාපති ඉල්ලා අස්වෙයි.. දේශපාලන බලපෑම්ලු..


ලංකා සීනි සමාගමේ (Lanka Sugar Company (Pvt) Ltd) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය මෙම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත.

නීති විරෝධී ලෙස කටයුතු කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් සහ බලකිරීම් හමුවේ තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව බව ඇය පවසයි. 
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ලංකා සීනි සමාගම රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ දැඩි මූල්‍ය හා පාලන රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කරයි.

රජයේ චක්‍රලේඛ, රෙගුලාසි සහ ස්ථාපිත නීතිමය පටිපාටි උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් සහ අපේක්ෂාවන් ඉදිරිපත් වූ බව ඇය අනාවරණය කරයි.

නීතියට පටහැනිව කටයුතු කිරීමට සභාපතිනිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ නොවීම හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් සමඟ නිරන්තර ගැටුම් ඇති වූ බව ලිපියේ සඳහන් වේ.

පවතින තත්ත්වය මත ආයතනයේ යහපත උදෙසා සහ සිය වෘත්තීය ආචාර ධර්මයන්ට අනුකූලව තවදුරටත් සේවය කිරීමට නොහැකි බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඇය වැඩිදුරටත් පවසයි.

මෙම රාජ්‍ය ව්‍යවසාය නඟාසිටුවීමට සහ එහි සංවර්ධනයට දායක වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනමන බවද සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් අවධාරණය කර ඇත

8 Comments

  1. Decent officers cannot work with JVP animals.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත

      Delete
    2. Wistare Daneth Nathuwa Comment Karanawa..Byyo Byyo ma thama

      Delete
    3. සම්පූර්ණ විස්තරේ උඩින් දාල තියෙනව. උඹට අකුරු කියවන්ඩ බැරිවුනාට අනික් මිනිස්සු මක්කරන්ඩද?

      Delete
  2. Why! is that because the government is becoming too sweet?

    ReplyDelete
  3. How many corporation chairpersons resigned from their posts. These educated people do not want to be under uneducated JVP cadres. This country is going from bad to worse

    ReplyDelete
  4. moadayangen palanaya wenna mole thiyena minissu kamathinaa.koma wechcha un kamathi unata...

    ReplyDelete
  5. ඉන්ගිරිසියෙන්ද දන්නෙ නෑ බික් කුච්චන් අයියට ලිව්ම ලියල තියෙන්නෙ

    ReplyDelete
Previous Post Next Post