‘බුලර්ස් රෝඩ්’ තැනක දොරවල් වසාගෙන පාස්කු නඩුව දිනපතා අහනවා.. මාධ්‍යයට, වින්දිතයන්ගේ ඥාතීන්ට ඇතුළු වීමට ඉඩ නෑ...

 


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු විභාගය වත්මන් රජය සහ අධිකරණය විසින් පවත්වන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී සැක මතු කර සිටියේය. 

මන්ත්‍රීවරයා චෝදනා කළේ මෙය සැබෑ මහමොළකරුවා ආරක්ෂා කරමින් අප්‍රේල් 21 වනදාට පෙර නඩුව අවසන් කිරීමේ උත්සාහයක් බවයි.

රජය සහ විපක්ෂය මීට පෙර මහමොළකරුවෙකු සිටින බව පිළිගත්තද, දැනට පවතින නඩු විභාගයේ එවැනි ප්‍රධාන සැකකරුවෙකු නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය. පොලිසිය භාර අමාත්‍යවරයා සහ හිටපු ඩී.අයි.ජී. රවි සෙනෙවිරත්න මහතා මහමොළකරු ගැන තොරතුරු ලබා දී තිබියදීත්, ඔවුන් අත්අඩංගුවට නොගෙන නඩුව පවත්වාගෙන යාම සැක සහිත බව ඔහු අවධාරණය කළේය.

සාක්ෂිකරුවන් 2,190ක් සහ චෝදනා 23,269ක් පවතින මෙම සංකීර්ණ නඩුව, දිනපතා පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා විභාග කිරීමට තීරණය කිරීම ප්‍රායෝගික නොවන බව මන්ත්‍රීවරයා පැවසීය. මේ හේතුවෙන් කේ.එස්. රත්නවේල්, ගාලිබ් හුසේන්, රුෂ්ඩි හබීබ් සහ නිරංජන සිවවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට නඩුවෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, එය විත්තිකරුවන්ට තමන් කැමති නීතිඥයෙකු තෝරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම නඩුව සාමාන්‍ය අධිකරණ ශාලාවක නොව 'බුලර්ස් රෝඩ්' හි පිහිටි ස්ථානයක දොරවල් වසාගෙන පවත්වන බවත්, මාධ්‍යයට හෝ වින්දිතයන්ගේ ඥාතීන්ට ඊට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය. 

යුක්තිය ඉටු වන බව රටට පෙනිය යුතු බැවින්, මෙම නඩු විභාගය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කළ යුතු බව ඔහු යෝජනා කළේය.

මධ්‍යම බැංකු බෝම්බ ප්‍රහාරය, දළදා මාලිගාවට බෝම්බ හෙළීම වැනි අතීතයේ පැවති බරපතළ නඩුවලදී පවා මෙවැනි කඩිනම් කිරීමක් සිදු නොවූ බව සිහිපත් කළ රහුමාන් මහතා, මෙම නඩුව පමණක් මෙතරම් හදිසියේ අවසන් කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

මෙම ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියෙන් තහවුරු කර ඇති සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය පවා අහිමි වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය

3 Comments

  1. අනේ හුකේ. නානගෙ ඇට දෙක පූට්ටු වෙලා වගේ. මොකෝ මේ කෙඳිරි ගාන්නේ?

    ReplyDelete
  2. මෙහෙම දෙයක් වෙනවා නම් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  3. මුංතමයි රටම සූක්ශම ලෙස මුසාලිම් කරන්නේ. ප්‍රහාරයට තම්බි නායකයන් සියල්ලම වගකිවයුතුයි.

    ReplyDelete
Previous Post Next Post