රටට ආනයනය කරන ලද ගල් අඟුරු බාල බවට පැතිර යන කතාවල සත්‍යතාවක් පවතින නමුත්, එහි කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, වර්තමාන රජය යටතේ ගල් අඟුරු ටෙන්ඩර් පිරිනැමීම පැරණි ක්‍රමවේදයෙන් බැහැරව ඉතා විනිවිධභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා සිදු කරන බවයි.
අතීතයේදී මෙන් කැබිනට් මණ්ඩලය මගින් තමන්ට රුචි පුද්ගලයන්ට ටෙන්ඩර් ලබා දීමේ ක්‍රමයක් දැන් ක්‍රියාත්මක නොවන බවත්, අලුත් පාර්ශ්වයන්ට මෙවර ටෙන්ඩරය හිමිව ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
බාල ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි බාල තත්ත්වයේ ගල් අඟුරු සැපයීම නිසා රජයට සිදුවන අලාභය අයකර ගැනීමට අදාළ ආයතන සමඟ පවතින ගිවිසුම් ප්‍රකාරව විශේෂ සූත්‍ර සහ ක්‍රමවේද පවතින බවයි.
ඒ අනුව අදාළ අලාභයන් අයකර ගැනීමට කටයුතු කරනවා මිස මෙහිදී කිසිදු හොරකමක් සිදුව නොමැති බව ඔහු අවධාරණය කළේය.
විපක්ෂය නඟන චෝදනා පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂයක ස්වරූපය සැමවිටම ආණ්ඩුව විවේචනය කිරීම බවයි. ඇතැම් විවේචන සඳහා සත්‍ය පදනමක් අවශ්‍ය නොවන අතර, කාලයත් සමඟ එම චෝදනා ඉබේම නිෂ්ප්‍රභ වී යන බවද ඔහු පැවසීය. ගල් අඟුරු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කර ඇති අතර, විපක්ෂය පවසන ආකාරයේ ගල් යුගයට යාමක් මෙහිදී සිදු නොවන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ආර්ථික අභියෝග ජයගනිමින් සාර්ථක ගමනක් යමින් සිටින බවත්, ජනතාව මෙම දේශපාලන විවේචන තේරුම් ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය

ලාල් කාන්ත සහෝදරයා වරක් කිව්වා අවබෝධයෙන් කරන්න බැරි වුනාට පස්සේ කෙලවා ගැනීමෙන් තමයි තේරුම් ගන්න වෙන්නේ කියලා.
ReplyDeleteහහ් හහ් හා
බඩුම තමයි.
හොර කමක් නැ නමුත් ප්‍රමිතියකුත් නැනේ... ඔකෙ පාඩුව ආණ්ඩුව ගෙවන්නෙ නැහැනෙ... අන්තිමට මදියි කියල හදිස්සි මිලදීගැනීම වලට ඩීසල් බලාගාර ප්‍රයොජනයට ගන්න පුලුවන්. වෙන දෙයක් නැ... නැත්නම් පවර් කට් කරන්න වෙනො වෙනො කියල ඩීසල් වලට තමයි.. අඩුම තරමෙ පාඩුව කියන එකෙන් ඩීසල් වල මිලවත් කවර් වෙනාද ?
ReplyDeleteඒකියන්නෙ ආණ්ඩුවේ අයට වැඩ බෑ, ආණ්ඩුව failed. කරුණාකරල තවත් හාන්නැතිව ගෙදර යන්න.
ReplyDeleteඅදාළ අමාත්‍යවරයා සහ සාමූහික වගකීමෙන් කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි. රාජ්‍ය වගකීම අමාත්‍ය මණ්ඩලය පැහැර හැරීමෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය කඩ වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මෙමගින් උල්ලංඝනය වීම පැහැදිලි ය. කැබිනට් මණ්ඩලයට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම පුරවැසියන්ගේ යුතුකම හා වගකීම ය. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන් ජනාධිපතිවරයා වගකීමෙන් බැහැර නො වේ.
ReplyDeleteසාමූහික වගකීම ගන්නේ ම නෑ
DeleteThopi yoghurt business kala nam meeta wada hondai, wes puthala
ReplyDeletekalayath samaga Rajapaksala Rupiyalak horakam karala nehe. usaviyen kiyanne, 68 lakse gihin oka usaviyen ahanna kiyala kiyanneth munma thama ... onna theruna neda ..hora hora hora
ReplyDeleteමාලිමා කොමිස් කාක්කෙක් තවත් 6 පහරක් එල්ල කිරීම
ReplyDelete