2025 වසරේ ජනවාරි මාසයේදී රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හයදහස් එකසිය අසු හයයි ශත එකක් මන්ත්‍රි විශ්‍රාම වැටුප් වෙනුවෙන් වියදම් වෙලා තියෙනවා යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නානායක්කාර මහතා අදහස් පළ කරන ලදී.
ඕනෑම රටක නීති සැකසෙන්නේ ජනතාවගේ අරමුණු ඉටු කිරීම සඳහායි. සෑම නීතියක් පිටුපසම සදාචාර සම්පන්න අරමුණක් තිබෙනවා. වසර පහක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ක්‍රියාකරලා විශ්‍රාම වැටුපක් ගන්නවා. මෙය සදාචාර සම්පන්න නොවන බවට විශාල ජනමතයක් දශක ගණනාවක් තිස්සේ මේ රටේ ඇති වුණා. පාර්ලිමේන්තුවට පැවරී ඇති කාර්යභාරය වන්නේ නීති සකස් කිරීමයි. නමුත් අතීතයේ සිදු වුණේ නීති සකස් කිරීම වෙනුවට බදු මුදල් විනාශ කරමින් ක්‍රියා කිරීමයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්රකාශනය යටතේ අපි මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කරනවා කිව්වා. මේ රටේ ජනතාව කියනවා මන්ත්‍රි විශ්‍රාම වැටුප ලැබිය යුතු නැහැ කියලා. එදා මේ මන්ත්‍රි විශ්‍රාම වැටුප ගෙන එන අවස්ථාවේ ජනතා විරෝධයක් නොතිබුනා වෙන්න පුළුවන්. නමුත් වර්තමානය වන විට ජනතාව කියන්නේ එය අවශ්‍ය නොවන බවයි.
දැන් ජනතාව කියන්නේ විශ්‍රාම වැටුප් ගන්න එපා කියලයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ආර්ථිකය ශක්තිමත් කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය කියනවා. ඒවා අපේ රටේ විපක්ෂයට ඇහෙන්නේ නැහැ. මේ පනත සම්මත වු දිනයේ සිට කලින් ගත් අයටත් ඉදිරි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් විශ්‍රාම වැටුප් ගන්න බැහැ.
2025 වසරේ ජනවාරි මාසයේදී රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හයදහස් එකසිය අසු හයයි ශත එකක් මන්ත්‍රි විශ්‍රාම වැටුප් වෙනුවෙන් වියදම් වෙලා තියෙනවා. මේ මුදල පොඩි මුදලක් කියලා සමහර අය කියන්න පුළුවන්. ලොකු මුදලක් කියලා කියන්නත් පුළුවන්. මේ රට වැටී තිබෙන අගාධ තත්වයෙන් නැවත ගොඩ එනකල් මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. සදාචාරාත්මක අයිතියක් නැති නිසයි අපි මේක අහෝසි කරන්නේ. මේ පනත ඉතා වැදගත් පනතක්. ජනතාවට අපි පොරොන්දු වු දෙයක් බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් අහෝසි කරන පනතට සහාය දෙන්න කියලා විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.
මේ රජය නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරනවා . පසුගියදා මිය ගිය නීතිඥවරයාට සහ බිරිඳට මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සිද්ධිය වෙලා දින කිහිපයක් තුළ අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ බවද අමාත්‍යතුමා සඳහන් කළේය.

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2025 යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල්ලැල්ල වසමෙි පාසල් ප්‍රධාන මාර්ගය [පුරාණ ජුම්මා පල්ලිය පාර] කාපට් අතුරා සංවර්ධනය කිරීම නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
ReplyDeleteමේ මාර්ගය කිලෝ මීටර්යක පමණ දුරක් ඉදි කෙරෙන අතර මේ සඳහා මිලියන 43ක මුදලක් වැය කෙරේ.
maseta palawattata yana manthree padiyath nawathanna. More saving hints
ReplyDeleteGood move. Please make the MP ship an honorary job without pay as incone generated from commissions and santhoshams on contracts on the sly and profit sharing from business ventures like ala loonu imports and tariffs manipulation will be substantial remuneration for the job. Until all politicians attain arahat status and overcome thanha asha corruption will continue to be part of the game.
ReplyDeleteOnly people who could get funding from the Party coffers (Keta Hollala) and the rich businessmen could get into politics now onward ..........
DeleteIf you stopped food for people, you can save some more money for you to fill the coffers
ReplyDeleteජනාධිපති නඩත්තු කරන්න දවසකට රුපියල් කෝටි 3 ක් වියදම් වෙනවා. ඒක අහෝසිකලොත් මාර වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙනවා.
ReplyDeleteAll your government savings will nullify by the losses of inferior quality coal imports
ReplyDelete