උද්ධමනය බහී...

 


ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇත.

2025 දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 ජනවාරි  මාසයේ දී 3.4% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  1.6%  ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.6% ක් ලෙස නොවෙනස්ව පවතී.

Previous Post Next Post