මෙරට වෙළඳපොළ තුළ පවතින ගෑස් හිඟය මඟහරවා ගැනීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් අද කොළඹ වරායට සේන්දු වී තිබේ.
එම තොගය බෙදාහැරීමත් සමඟ හෙට වන විට ගෑස් පෝලිම් අවසන් වී වෙළඳපොළ සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව ලිට්රෝ සමාගම විශ්වාසය පළ කරයි.
පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වන විටත් දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව ඉහළ නංවා ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම පාරිභෝගිකයන්ට තවත් සහනයක් වෙමින්, තාවකාලිකව අත්හිටුවා තිබූ නව ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමේ කටයුතු ලබන මාර්තු මස 12 වැනිදා සිට යළි ආරම්භ කිරීමට ද රජය තීරණය කර ඇත.
නව තොගය බෙදාහැරීමේ කටයුතු කඩිනම් කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින ජනතාවට හෙට (23) සිට කිසිදු අපහසුවකින් තොරව ගෑස් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.

පුනරුදයේ දී කොළඹ වරායට ජියෝ ගෑස් නැවක් ආවා.. කියන එකත් Breaking News. කන්ටේනර් 323 හා බාල ගල් අඟුරු වැනි සොච්චම් දේවල් අමතක කරමු.
ReplyDeleteඔය ඩොලර් බිලියන් 11 ම රජයේ ආදායමක් නොවේ. විදේශීය ප්‍රේෂණ තම නෑදෑයින්ට එවපු මුදල්. ආණ්ඩුව රුපියල් අච්චු ගහලා දීලා ඒ්වා ඇරං උද්ධමනය නග්ගනවා. සංචාරකයොත් සල්ලි නිකං දෙන්නේ නෑ. රජය ආදායමක් ඉපැයූවොත් විතරයි ආර්ථිකය ශක්තිමත් වෙන්නේ.
ReplyDeleteමැදමුලන මයින හම පිඹින කාලේ මොනාද කලෙ ආදායම් වැඩි කර ගන්න? නුවර වැව වටේ රේස් පදින එක වගේ ඒවාද
Deleteඒක නිසා තමයි රාජපක්ෂලාගේ ඡන්ද 69 ලක්ෂ 3 ට බැහැලා, මාලිමා ඡන්ද 68 ලක්ෂයට නැංගේ. හැබැයි මෙහෙම රාජපක්ෂලාට බැන බැන හොරකම් කළොත් උනුත් එකයි-මුනුත් එකයි වෙනවා.
ReplyDeleteඋන් අඩු ගානේ ජාතිය ආගම රැක්කා. උන්ට ඒ කාලේ මුන දෙන්න කොරෝනා වසංගතය තිබුනා. රාජපක්ශලා ඔය ජාතියේ හොරකම් කරේ නෑ. එකක් හරි කරලා තිබුනා නම් මාලිමාවෙ උන්ට මෙහෙම වේලෙන්න වෙන්නෙ නෑ. මුන් ආගම දහමටත් කෙලලා, සිංහල ජාතිය අවමානයට අපහාසයට ලක් කරලා, රණවිරුවො සොල්දාදුවො කරලා, කොටියා විරුවා කරා. පාහර හැත්ත.
Delete