කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව හා ළමා වාට්ටුව ජනනා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කරන ලදී.
මාස 06 ක් වැනි කාලයක් තුළ රජයේ අරමුදල් යටතේ ඉදිකරන ලද රුපියල් ලක්ෂ 125 ක සංවර්ධන ව්‍යාපෘති මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.
නව මුළුතැන්ගෙය, අළුත්වැඩියා කරන ලද වෛද්‍ය නිලධාරි නිල නිවස ආදී රෝහලේ ප්‍රධාන අවශ්‍යතාවයන් ලෙස පැවැති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ද මෙහිදී ජනතා අයිතියට පත් කිරිමට පියවර ගැනුණි.
ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද මෙහීදී ලක් වු අතර, රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයත්, ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරි සැලසුම් පිළිබඳවත් කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරීවරයා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කරනු ලැබිණි.
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය නාමය ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය යුරේෂ් ප්‍රනාන්දූ මහතා මෙහි දී පෙන්වා දෙන ලද අතර, විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය සේවා සපයන රෝහල් පද්ධතියක ජාතික අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදි.
කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා යටතේ වන රෝහල්වලට පසුගිය වසරේ වෙන් කළ මුදල් ප්‍රතිපාදන මත ආරමිභ කරන ලද සංවර්ධන ව්‍යාපෘති මෙම දිනවල ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවත්, පළාත් සභා රෝහල් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක පමණ මුදලක් වෙන් කළ බවද ඉන් සියයට 98 ක පමණ මුදලක් වියදම් කර ඇති බව ද මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පෙර රජයන් ආරම්භ කර අතරමඟ නැවතී තිබු ව්‍යාපෘති ද වඩා හොදින් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත්, රජයක් විසින් ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති අතර මග නතර නොවී කුමන පාර්ශවයක් බලයට පැමිණිය ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.
රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි දැක්මක් ඇති බැවින් රජය රෝහල් සංවර්ධනය සඳහා රාජ්‍ය නිලධාරින් හරහා යොදවනූ ලබන මුදල් කිසිදු අවභාවිතයකින් තොරව දිස්ත්‍රික්කයේ, පළාත් සහ රටේ සෞඛ්‍ය පිළිබඳව හොද දැක්මක් සහ අවබෝධයක් සහිතව එම සංවර්ධන කටයුතු සඳහාම යෙදවෙන බව සහතිකව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
ආර්ථික ආපදාව සහ ස්වභාවික ආපදාව ශක්තියක් කරගෙන රට ගොඩනැගීමට රජය ගෙනයන වැඩපිළිවෙලට මෙම වසර 03 තුළ සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.
මෙම අවස්ථාව සඳහා කොළඹ කළුතර දෙදිසාව සහ ජපානයේ
ප්‍රධාන සංඝනායක, නාරවිල අභයරාජ පිරිවෙනෙහි විහාරාධිපති, ශ්රාස්ත්රපති
පණ්ඩිත නාරවිල විජිතවංශ නාහිමියන් ඇතුළු මහා
සංඝරත්නය, පාර්ලිමේන්තු
මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ,මතුගම
ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමන් ප්‍රසාද්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නවීන් ඩී සොයිසා, කටුගහහේන
ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය
යුරේෂ් ප්‍රනාන්දූ, විශේෂ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිළධාරීන්, රෝහල් කමිටුවේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු
පිරිසක් සහභාගී වී සිටියහ.

එකම නාට්ටියක නලුවෝ. කාලයෙන් කාලයට එක එක චරිත රඟ දක්වලා මහජනතාව රවට්ටනවා, ලෙඩුන් මරනවා. දැන්වත් ඇස් ඇරලා හොදට බලලා තේරුම් ගන්න. හැමදාම අපි පරාදයි. උන් දිනුම්.
ReplyDeleteනවීකරණය විවෘත කිරීමටත් උත්සව? මහජන මුදල්.....
ReplyDelete