රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇත්තේ දේශපාලන ගැටලුවක් බැවින් එය විසඳීමට රජයට හැකියාවක් නැතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති, වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගේ ගැටලුව වෛද්‍ය ගැටලුවක් ලෙස හඳුනා ගැනීමටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුව දේශපාලන ගැටලුවක් ලෙස හඳුනා ගැනීමටත්, රජයට ඉව සහ ශක්තිය පවතින බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
“ජී. එම්. ඕ. ඒ. එකට තියෙන්නේ දේශපාලන ගැටලුවක්. ඔවුන් ක්‍රියා කරන්නේ දේශපාලන සංවිධානයක් විදිහට. වෛද්‍යවරුන්ගේ වර්ජන ක්‍රියාමාර්ග රෝහලට ගියාම දකින්නට නැහැ. සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතිනවා. ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අපට දැනිලා නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම කරගෙන යන්න කියලා කියනවා. කොහොමත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ග දිනෙන් දින දියවෙන බවක් තමයි අපට පෙනෙන්නට තියෙන්නේ” යැයි ද නියෝජ්‍ය ඇමති, වෛද්‍ය හංසක විජයමුණි මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

උඛලට විරුද්ධව පක්ෂයේ ඉන්න කොට හැම වර්ජනයක් සාර්ථකයි.දැන් දියාරු වෙනවා.අනේ පල ඛුරැවා යන්න
ReplyDeleteඋඹලට ගොමා strike කලා කියලා අවුලක් නෑ නේ? කෙලින්ම Mount Elizabeth නේද යන්නේ හෙලිකොප්ටරෙං? 😂😂😂
Deleteතව pappek.....
ReplyDelete