ඩීසල් ඇත්තටම වැඩි කලේ 179කින්.. ජනතාවගෙන් ගන්නේ 79යි.. රජයෙන් 100ක් දානවා..


පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ ගියද, ජනතාව මත පැටවෙන ආර්ථික බර අවම කිරීම සඳහා රජය සුවිශාල මැදිහත්වීමක් සිදුකරන බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය. 

වත්මන් වෙළඳපොළ තත්ත්වය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 179කින් ඉහළ දැමිය යුතුව තිබුණද, රජය ඉන් රුපියල් 100ක බරක් ජනතාව වෙනුවෙන් දරා ගැනීමට තීරණය කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ජනතාවට සහනයක් සැලසීම සඳහා මෙම පියවර ගත් බවයි. 

මේ අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 179කින් වැඩි නොකර, ජනතාව මත පැටවෙන්නේ රුපියල් 79ක වැඩිවීමක් පමණක් බවත්, ඉතිරි රුපියල් 100ක මුදල රජය විසින් සහනාධාරයක් ලෙස ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සහන වැඩපිළිවෙළ පවත්වාගෙන යාම සඳහා රජය විශාල පිරිවැයක් දරන බව පෙන්වා දුන් ඇමතිවරයා, මහජනතාව පාවිච්චි කරන ඉන්ධන සඳහා සහන සැලසීමට පමණක් භාණ්ඩාගාරය මගින් මසකට රුපියල් බිලියන 20ක මුදලක් වෙන් කර ඇති බවද අනාවරණය කළේය.

12 Comments

  1. ඔය බයිලා වැඩක් නෑ මිල සූත්‍රය පෙන්නපන්කො තොපි ආපු දවසේ ඉඳන්ම මිල සූත්‍රය හංගල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ubalama gana hadanawa

      yako ekale marenna haduwe waryata enne 100 Rs kiyala, dan 120 wagene

      Delete
  2. ඵ් ද්වස් වල ඉරානෙ හිල හොයපු කෙනා නෙද මේ.

    ReplyDelete
  3. වට්ටියෙන් ගියත් එකයි පෙට්ටියෙන් ගියත් එකයි.

    මොකද රජයේ සල්ලි තොපේ මහා එකාගේ බුදලයෙන් ලැබුන ඒවා නොවෙයි, එත් මහජනයාගේ සල්ලි. එකම වෙනස වාහන පවිච්චිචි නොකරන එවුන්ටත් පැට්‍රල් වලට ගෙවන්න වෙන එක විතරයි.

    ReplyDelete
  4. බේරේ වැවේ කුසුමාMarch 27, 2026 at 9:41 AM

    කාංචන ගෙ 50 අඩු කෙරුව නම් රජයට යන්නේ රුපියල් 50යි.

    ReplyDelete
  5. තොගෙ ටොම් පච තොගෙ මහ එකා එක්ක කියාපිය.

    ReplyDelete
  6. රුපියල් 50ට පෙට්රල් දෙන්නම් කිව්වෙත්....ලක්ෂ 12 විට්ස් දෙන්නම් කිව්වෙත් උඹලා නේද හිපාටුවෝ......

    ReplyDelete
  7. මුන් පජාති දේශපාලකයෝ.

    ReplyDelete
  8. කිහිල්ලේ කඩලානන්ද

    ReplyDelete
  9. බොරු කියන පාලකයා කිසිදා රටක් දියුනු නොකරයි. බොරුවෙන් දවස ගෙවයි.

    ReplyDelete
  10. අනෙ පලයන් තටචවාල පරයා පචම කියපල්ලා තොපි පච වලින්ම රජ වෙන්න උබලා මෙ රට එදාත් කැවා අද වානාශ කලා අද ලෙසියෙන්ම විනාශ කරනවා හොරිකඩයා

    ReplyDelete
  11. mama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති

    ReplyDelete
Previous Post Next Post