ඉන්ධන ලීටර 1900ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..


2026.03.03 වන දින සවස් කාලයේ තිරප්පනේ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ගලෙන් බිඳුනුවැව පොලිස් වසමේ ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන සත්ව ගොවිපලක තිබී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 1900 ක් අඩංගු බැරල් 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 49 ක් වන ගෝමරන්ගල්ල, ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු 2026.03.04 දින කහටගස්දිගිලිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

2 Comments

  1. Onna cnews kiyawana ekek :D

    ReplyDelete
  2. ගොවිපොළේ ට්‍රැක්ටර, වතුර පොම්ප, ඇතුළු යන්ත්‍රෝපකරණ වලට ඉන්ධන තබාගැනීම තහනම් ද?

    ReplyDelete
Previous Post Next Post