මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොව, කරුණු සහිතව ගනු ලැබූ අත්‍යවශ්‍ය තීරණයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.
සිරස නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා අවධාරණය කළේ ජනතාව පීඩාවට පත් කිරීම රජයේ අරමුණ නොවන නමුත්, පවතින තත්ත්වය හමුවේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.
මාර්තු මාසයේ මුල් දින කිහිපය තුළ මෙරට ඉන්ධන පාරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් මෙරට දෛනික ඩීසල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 4,000 - 4,400ක් පමණ වුවද, මාර්තු 2 වනදා වන විට එය මෙට්‍රික් ටොන් 10,321 දක්වා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. ජනතාව තුළ ඇති වූ අනියත බිය (Panic Buying) හේතුවෙන් දින 9ක් තුළ මෙට්‍රික් ටොන් 36,000ක් ලෙස අපේක්ෂා කළ පාරිභෝජනය මෙට්‍රික් ටොන් 65,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම තෙල් තොග ජනතාව විසින් ගබඩා කරගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
මිල සංශෝධනයට බලපෑ අනෙක් ප්‍රධාන හේතුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම බව රුවන් මාපලගම මහතා පැවසීය. පෙබරවාරි 23 වනදා ඩොලර් 72ක්ව තිබූ බොරතෙල් බැරලයක මිල මාර්තු 9 වනදා වන විට ඩොලර් 119 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල 99%කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල 175%කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.
මෙරටට ඉන්ධන ආනයනය කරන පෞද්ගලික සමාගම් ඉන්ධන ගෙන ඒම නතර කිරීම වැළැක්වීමට සහ රට තුළ නැවත පෝලිම් යුගයක් ඇති නොවීමට රජය වගබලා ගත යුතු බව මන්ත්‍රීවරයා පැවසීය. "අපට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව වෙළෙඳපොළට ලබා දීමටයි. මිල වැඩි නොකළේ නම් පෞද්ගලික සමාගම් ඉන්ධන ආනයනය සීමා කිරීමට ඉඩ තිබුණා," යැයි ඔහු සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ නැංවූයේ ශ්‍රී ලංකාව පමණක් නොවන බවත්, සෞදි අරාබිය සහ ඇමරිකාව වැනි රටවල් පවා මෙම තත්ත්වයට මුහුණ දෙමින් මිල සංශෝධනය කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඉන්ධන කළමනාකරණය, අනාගතයට සූදානම් වීම සහ සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම රජයේ මූලික අරමුණ බව ඔහු අවධාරණය කළේය

PISSUDA. Hatida
ReplyDeleteHunduwada kiwwe
තවත් මෝඩ පාහරයෙක්
ReplyDeleteමුන්ගෙ කතා අහන උන් දැන් නෑ
මේ යක්කුන්ට බොරු කියන්නේ නැතුව නිදාගන්න බෑ
ReplyDeleteමුළු රටම විනාශ කරනවා
පච හුන්ඩුවාගේ පච පාපිසි කෑලි
ReplyDeleteමේ යන විදියට ජනතාවට එක්කො ගල් අඟුරු හොන්ඩරයක් දෙකක් ගබඩා කරගන්නත් වෙයි.
ReplyDeleteමොළ ගෙනාපු නැවු කියන්නේ නිකන්ද....හිටපු එවුන් ගොන්නු කියලා පත් කරගත්ත උගත්තු... බොරු කියන්නයි ඉරිසියා කරන්නයි වයිර කරන්නයි ගිනි තියන්නයි මිනිස්සු මරන්නයි විතරයි දන්නේ...
ReplyDeleteඋඹලට සලකන්න බලාගෙන ඉන්නෙ. වරෙල්ලකෝ.
ReplyDeleteමුන් අමු කුහකයෝ
ReplyDeleteජනතාවට බු එවල්ලෙන් ගහන්ඩ ඕනේ මේ වගේ උන් පත් කරට
ReplyDeleteLIPBOKKEDA?
ReplyDeleteඑහෙමනම් ගෝඨගෙ කාලෙ කෝවිඩ් හින්ද ඉන්ධන මිල වැඩිකරනකොට තොපි හුලුඅතු පත්තු කොරගෙන උද්ඝෝසන කෙරුවෙ මොන මගුලකටද
ReplyDeleteහිපාටුවො?
Now they understand how difficult to govern a country rather than poor criticism. This JVP people should be responsible to the present situation of the country. Now people should understand that the disturbed all the development projects in the county telling lies t the people..
ReplyDelete