පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳව වසර හතක් තිස්සේ පවතින විවාදය අවසන් කරමින්, මාර්තු මස 31 වැනිදා ඒ පිළිබඳ සියලු තොරතුරු සාක්ෂි සහිතව රටට හෙළි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
පසුගිය වසර එකහමාරක කාලය පුරා තමන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තොරතුරු අනාවරණය කරගත් බවත්, ඒ සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථය එදිනට එළිදක්වන බවත් ඔහු සඳහන් කළේය. ආරක්ෂක අංශවල සහ පොලීසියේ ඇතැම් ප්‍රබල නිලධාරීන් මෙම ප්‍රහාරය පිටුපස සිටි බවට තම පර්යේෂණයේදී තොරතුරු අනාවරණය වූ බැවින්, මෙම කරුණු පොලීසියට ලබා දීමෙන් පලක් නොවන බවත්, එබැවින් සමස්ත ජනතාවටම මෙම තොරතුරු හෙළි කරන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය,.
පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අගෝස්තු මාසයේ පැවති මහනුවර දළදා පෙරහැරට ද දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කර තිබූ බවත්, එම තොරතුරු ද මෙම ග්‍රන්ථය මගින් හෙළි කරන බවත් ඔහු පවසයි,. රන්දෝලි පෙරහැරේදී පියවර දෙකකින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රහාරය සාර්ථක වූයේ නම්, එය ඇමරිකාවේ 9/11 ප්‍රහාරය ද අබිබවා යන ලෝක ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය වීමට ඉඩ තිබූ බව හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි. සහරාන්ගේ මරණයෙන් පසු නායකත්වයට පත් වූ මෝහමඩ් රිල්වාන් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවීමට නියමිතව තිබූ බවත්, සහරාන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ඇඳුම් පැළඳුම් පවා ලබා දී තිබූ බවත් මූලාශ්රවල සඳහන් වේ.
සාරා ජෙස්මින් ඉන්දියාවට පලා ගිය බවට ජාතික ජන බලවේගය (මාලිමාව) විසින් නිරන්තරයෙන් නගන චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු දීමට තමන් සූදානම් බව ගම්මන්පිල මහතා පැවසීය. ඇයට සැබවින්ම සිදු වූයේ කුමක්ද, ඇය සම්බන්ධයෙන් තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයක් කළේ ඇයිද යන්න පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. එසේම ඉන්දියාව, ඇමරිකාව හෝ ඉශ්‍රායලය මෙම ප්‍රහාරය පිටුපස සිටියේද යන්න සහ ජමීල් මොහොමඩ්, අබුහින්, සෝනික් සොනික් ඇතුළු කුමන්ත්‍රණ න්‍යායන් වල කියැවෙන සියලු චරිත පිළිබඳව ද විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.
සහරාන් යටතේ පුහුණුව ලැබූ මිනිස් බෝම්බ 300කට ආසන්න පිරිසක් අදටත් සමාජයේ නිදැල්ලේ සැරිසරන බවට ද හිටපු ඇමතිවරයා මෙහිදී බරපතළ අනාවරණයක් කළේය. එවකට සිටි ඉතා ප්‍රබල පූජකවරයෙකුගේ මැදිහත්වීමෙන් අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත්, මෙවැනි ප්‍රහාරයක් අනාගතයේදී වැළැක්වීමට ගත යුතු පියවර ද තම ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයෙන් ඉදිරිපත් කරන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
පසුගිය අවුරුද්දේ මාර්තු 31 වැනිදා පුංචි ඡන්දේ මාලිමාවේ දෙනියාය රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා, අප්‍රේල් මාසයේ 21 වැනිදාට කලින් පාස්කු මහ මොළකරු හෙළිකරනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා දැන් වසරකට ආසන්නයි. නමුත් ඒ පොරොන්දු වුණු ආකාරයෙන් පාස්කු මහ මොළකරු හෙළිකරන්න ජනාධිපතිතුමත් මාලිමා ආණ්ඩුවත් අසමත් වෙලා තිබෙනවා.
මේ රටේ සමහර දේශපාලකයෝ, පූජකයෝ, සමාජ මාධ්‍යවේදීන් අවුරුදු හතක් පුරා පාස්කු මිනී විකුණමින් දේශපාලනය කරනවා, ව්‍යාපාර කරනවා. පාස්කු මළමිනී සහ තුවාල තරම් වෙන්දේසි වුණු තවත් යමක් අපේ රටේ ඉතිහාසයේ නැහැ.
පසුගිය අවුරුද්දේ පාස්කු දිනය ළං වෙනකොට පාස්කු මහ මොළකරුයි කියමින් හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තා. ඒ ඇවිල්ලා 2025 අප්‍රේල් මාසේ 8 වැනිදා. අත්අඩංගුවට ගත්තට පස්සේ ජනාධිපතිතුමා මඩකලපුවේ රැස්වීමක් අමතමින් කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගත්තා කියලා. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්තයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ රාසියාල්ගම වමාරමින් ඉන්නවා කියලා.
මගේ උදව් ඉල්ලලා පිල්ලෙයාන් ඇමතිවරයාගේ පාක්ෂිකයන් මා හමුවුණු නිසා සිංහල අවුරුදු නිවාඩුව මැද්දේ මම පොඩි නීති ගැටයක් ගහලා පිල්ලෙයාන්ව හමුවුණා. පිල්ලෙයාන් මට කියනවා:
"පාස්කු ප්‍රහාරය පිළිබඳ මම දන්න දෙකුත් නැහැ, කිව්ව දේකුත් නැහැ. මගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ එකම එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැ".
මොකක්ද මේ වෙන්නේ? ගිය අවුරුද්දේ පාස්කු සංවත්සරය ළඟ වෙනකොට රටට පෙන්නුවා පිල්ලෙයාන් නාඩගම. මේ අවුරුද්දේ පෙන්නනවා සලේ නාඩගම. ඔච්චරයි. හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් මැතිතුමාත්, ඒ වගේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මැතිතුමාත් කියන දෙන්නම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ දෙන්නෙක්. මේ දෙන්නව පදනම් විරහිතව අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ කොටි බෙදුම්වාදීන් සතුටු කිරීමට මිස අන් කිසිවකට නෙවෙයි. ඔය අතරේ පාස්කු මහ මොළකරු අල්ලනවා කියලා බලයට පැමිණි නිසා මේ දෙන්නාගේ අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයටයි කියලා මහා පචයක් වපුරමින් ආණ්ඩුව ජනතාව රවටන්න උත්සාහ කරනවා.
ජනාධිපතිතුමනි, ජනාධිපතිවරණ කාලයේ මේ රටේ බහුතර ජනතාව ඔබතුමාට රැවටුණත්, දැන් ඒ අය තමන්ගේ ගොනා විකුණලා ගොඩක් කල් කියන එක ජනාධිපතිතුමාටත් මාලිමා ආණ්ඩුවටත් සිහිපත් කරන්න කැමතියි.
පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු හතක් තිස්සේ හොඳටෝම විකුණුවා. ආණ්ඩු හැදුවා, ආණ්ඩු පෙරළුවා. කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදාගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක මාර්තු මාසේ 31 වැනිදාට හෙළිදරව් කරන්න අපි සූදානම්.
වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂණයක් කරලා "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම" නමින් පර්යේෂණ ග්රන්ථයක් අපි සකස් කළා. ඒ පර්යේෂණ ග්‍රන්ථය මාර්තු 31 වැනිදා හවස 3.30 ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ග්‍රන්ථයේ කියන සෑම දෙයක්ම කියලා තිබෙන්නේ සාක්ෂි සහිතවයි. සාක්ෂි නැති කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. අපි මේ ග්‍රන්ථයෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක හෙළිදරව් කරන එකෙන් නතර වෙන්නේ නැතුව, මාලිමාව අද සමාජයේ මතු කරලා තිබෙන සෑම කුමන්ත්‍රණ න්‍යායකටම සාක්ෂි සහිතව පිළිතුරු දෙන්නත් කටයුතු කරලා තිබෙනවා.
සයිනමරුදු බෝම්බ පුපුරවා ගැනීම සිදු වුණාට පස්සේ ලේ පෙරාගෙන ඉදිරියට ආවා කියන සාරා ජස්මින් ඉන්දියාවට පැනගත්තාය කියලා මාලිමාව නිරන්තරයෙන් ප්‍රකාශ කරපු කාරණාවක්. ඇත්තටම සාරා ජස්මින්ට මොකද වුණේ කියන එක සාක්ෂි සහිතව අපි මේ පොතෙන් පෙන්නනවා. සාරා ජස්මින් විතරක් නෙවෙයි "මේ දවස්වල සුරේෂ් සලේට එරෙහිව චෝදනාවක් විදිහට නගලා තියෙන සාරා ජස්මින් පිළිබඳ තුන්වන DNA පරීක්ෂණය කළේ ඇයි? කරන්න නියෝග කළේ කවුද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන විස්තරාත්මකව මේ ග්‍රන්ථය සාකච්ඡා කරනවා.
ඒ විතරක් නෙවෙයි, හමුදා බුද්ධි අංශ මැදිහත්වීමෙන් ජමීල් මොහොමඩ් විසින් ටාජ් හෝටලයේදී බෝම්බය පුපුරුවා ගැනීම අවසන් මොහොතේ නතර කළාය කියලා චෝදනාවක් තියෙනවා. මේ ජමීල් මොහොමඩ්ගේ ටාජ් හෝටලයේ පුපුරුවා නොගත් බෝම්බය පිළිබඳ සම්පූර්ණ කතාව වෙනම පරිච්ඡේදයකින් විස්තර කරනවා. ඒ වගේම කුමන්ත්‍රණ න්‍යායන් වල කියවෙන සාරා ජස්මින්, ජමීල් මොහොමඩ්, අබු හින්ද්, සොනික් සොනික්, නවුෆර් මොහොමඩ් නොහොත් නවුෆර් මවුලවි, පොඩි සහරාන් ඇතුළු නොකී සියලුම කුමන්ත්‍රණ න්‍යායන් වල කියවෙන චරිත පිළිබඳ පැහැදිලි විස්තරයක් මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව, ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය සිටියාද කියන කාරණයත් මේ ග්‍රන්ථය සාකච්ඡා කරනවා. කොටින්ම කියනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ තිබෙන්නා වූ සියලුම කුමන්ත්‍රණ න්‍යායන් වලට මේ ග්‍රන්ථයෙන් පිළිතුරු සැපයෙනවා.
ඒ වගේම පාස්කු ප්‍රහාරය කළේ 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා. ඒ වසරේම අගෝස්තු මාසයේ දළදා පෙරහැරට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන්ලා සැලසුම් කරලා තිබුණා. මේ අයගේ සැලැස්ම වෙලා තිබුණේ පියවර දෙකකින් දළදා පෙරහැරට ප්‍රහාර එල්ල කරන්න. ඒක කරන දිනය ලෙස තෝරාගෙන තිබුණේ වැඩිම සෙනඟක් සහභාගී වෙන අවසාන රන්දෝලි පෙරහැර. මේ පෙරහැරට පහර දෙන්නේ පියවර දෙකකින්. පළවෙනි පියවරේදී තැනින් තැන බෝම්බකරුවන් කීපදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගන්නවා. ඒ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබන අය රෝහල් වලට ගෙන යද්දී රෝහල් ඉදිරිපිට ලොකු සෙනඟක් රොක් වෙලා ලොකු තදබදයක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මිනිස් බෝම්බ, වාහන බෝම්බ කියන දෙආකාරයේම බෝම්බ පුපුරුවාගෙන ඒ රෝහල් ගාවට රොක් වෙන ජනතාව සහ තුවාලකරුවන්වත් වැඩිම විනාශයක් කරන්න සැලසුම් කරලා තිබුණේ.
මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට භාර වුණේ සහරාන්ගෙන් පස්සේ IS ශ්‍රී ලංකා සංවිධානයේ නායකයා විදිහට පත් කරපු මොහොමඩ් හෂීම් මොහොමඩ් රිල්වාන්. මොහොමඩ් රිල්වාන්ට දෙවන ප්‍රහාරය පිළිබඳ සහරාන් මිය යාමට කලින් දවසේ සම්පූර්ණ උපදෙස් දුන්නා විතරක් නෙවෙයි, ඒ ප්‍රහාරයට කලින් 'හේතු පාඨ' කියලා වීඩියෝවක් හදන්නත් උපදෙස් දීලා, තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කරපු වීඩියෝවේදී ඇඳගෙන හිටපු කළු පාට ඇඳුම් ටිකත් ඒ වීඩියෝවේදී අඳින්න රිල්වාන්ගේ අතට භාර දෙනවා.
හැබැයි පාස්කු ප්‍රහාරයෙන් දවස් පහකට පස්සේ ඒ නිවසේ අය සැක කටයුතුයි කියලා ප්‍රදේශයේ ජනතාව හමුදාවට සහ පොලිසියට කියලා ගේ වට කරනවා. ඒ අවස්ථාවේ සයිනමරුදු වලදී රිල්වාන් බෝම්බ පුපුරුවාගෙන මරණයට පත් වෙනවා. එහෙම නොවී 2019 අගෝස්තු මාසයේ අවසාන රන්දෝලි පෙරහැරට දෙවන ත්‍රස්ත ප්‍රහාරය රිල්වාන්ගේ නායකත්වයෙන් සිදු වුණා නම් දස දහස් ගණන් මිය ගිහින්, ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය ඉක්මවා ගිය ලෝක ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය බවට දළදා පෙරහැරට එල්ල වීමට නියමිතව තිබුණු ත්‍රස්ත ප්‍රහාරය පත්වීමට නියමිතව තිබුණා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් හෙළි නොවුණු රහස් සහ ලේඛන ගණනාවක් මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, සහරාන්ට අනුග්‍රහය දක්වපු දේශපාලකයෝ කවුද, සහරාන්ට වෙනත් ආකාරයකින් උදව් කරපු පුද්ගලයෝ කවුද කියලා සාක්ෂි සහිතව මේ ග්‍රන්ථය හෙළිදරව් වෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරපු හේමමාලා කුමරිය ප්‍රාදේශීය පාලිකාවක් වශයෙන් හිටිය බවත් අපි අහලා තිබ්බේ නැහැ. නමුත් මඩකලපුව ප්‍රදේශයේ හේමමාලා කුමරියට පිළිම ඉදිකර තිබෙනවා. ඒ හේමමාලා කුමරියගේ පිළිමයකට සහරාන්ලාගේ වහාබ්වාදීන් ප්‍රහාරයක් එල්ල කිරීම ගැනත් විස්තරාත්මක කතාවක් මේ පොතේ අඩංගු වෙනවා.
සහරාන්ලා මිය ගියත් IS ශ්‍රී ලංකා සංවිධානය, IS වරු අදටත් ක්‍රියාත්මකයි. 'මහ මොළකරුවෙක්' සොයමින් අපි අවුරුදු හතක් නාස්ති කළා මිස ඉස්ලාම් අන්තවාදීන්, වඩාත් නිවැරදිව කිව්වොත් වහාබ්වාදීන් පුනරුත්ථාපනය කරන්න, අන්තවාදය පැතිරෙන එක නතර කරන්න පහුගිය වසර හතට කිසිම පියවරක් අරගෙන නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට අද වන විට ශ්‍රී ලංකාව තුළ වහාබ්වාදය වයිරසයක් වගේ වේගයෙන් පැතිරෙමින් තිබෙනවා.
කොටි ත්රස්තවාදීන් පුනරුත්ථාපනය කළා වගේම මේ වහාබ්වාදීන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සකස් කළත්, එවකට ඉතාම ප්‍රබල තත්වයක හිටිය පූජකවරයෙකුගේ මැදිහත්වීමෙන් ඒ පුනරුත්ථාපන වැඩසටහන නතර වෙනවා. ඒ පූජකවරයා ආණ්ඩුවට කියන්නේ සහරාන්ගේ කණ්ඩායමට ලැබිය යුත්තේ දඬුවම් මිස පුනරුත්ථාපනය නොවෙයි කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට සහරාන් යටතේ ත්රස්තවාදීන් බවට පත්වීමට පුහුණුව ලැබූ 'මිනිස් බෝම්බ 300ක්' විතර අදටත් අපේ සමාජයේ නිදහසේ සැරිසරමින් ඉන්නවා.
ඒ නිසා නුදුරු අනාගතයේම තවත් පාස්කු ප්‍රහාරයක් අපේ රටේ සිදු නොවෙන්න ගත යුතු පියවර මොනවාද කියන එක මේ පොතේ අවසාන පරිච්ඡේදයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ග්‍රන්ථය එළිදක්වන දිනය වන මාර්තු 31 වැනිදායින් අපේ රටේ අවුරුදු හතක් පුරා ප්‍රබලම සමාජ කතිකාවත බවට පත්වුණු 'පාස්කු මහ මොළකරු කවුද?' කියන ප්රශ්නය, සංවාදය මාර්තු 31න් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය: "ඔබතුමා මේ පාස්කු ප්‍රහාරය ගැන ලොකු විස්තරයක් කිව්වා. ඇයි ඔබතුමා මේ තොරතුරු ආරක්ෂක අංශවලට දැනුම් දෙන්නේ නැතුව ඔබතුමා සතුව විතරක් තියාගෙන ඉන්නේ?"
පිළිතුර: "මම කිව්වා පසුගිය වසර එකහමාර තුළ මම කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තොරතුරු සොයාගත්තේ කියලා. ඉතින් මම ආරක්ෂක අංශවලට විතරක් නෙවෙයි, මොකද මගේ පොතේ හැටියට නම් පොලිසියේ ප්‍රබල මහත්වරු මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියා. ඒ නිසා පොලිසියට තොරතුරු දීලා වැඩක් නැහැ. මම මුළු රටටම තොරතුරු දෙනකොට පොලිසියත් දැනගන්නවා, මුළු රටම දැනගන්නවා. මම පර්යේෂණය කළේ පහුගිය වසර එකහමාර තුළ. ලැබුණු තොරතුරු සියල්ල මිලියන 22ටම කියනවා. ඇයි ඉතින් පොලිසියට විතරක් කියලා නිකන් ඉන්නේ?"

ගුදයටයනඑනමංනැතිපිල... 🤣 ඔයාට අපිව ඔයාලගෙ මොලේ සෛල නැති පොහොට්ටුකාරයෝ වගේ අං එක්ක පේනව ද?
ReplyDeleteඅං විතරක් නෙමේ උඹලගෙ වලිගෙත් පේනව.
Deleteපච හුණ්ඩුවට කට උත්තර නැති වෙලා
Deleteපොතක් විකුණල ගරන්න යන්නෙ ඒ පාර. ජෙප්පොත් එකයි මුනුත් එකයි.
ReplyDeleteඔච්චරම අමාරු නම් පොත මලට ගන්නෙ නැතුව ඉන්න එකනෙ තියෙන්නෙ
Deleteපොතක් තියා වාක්‍යයක්වත් ලියාගන්න බැරි ගොබිලෙක්
Deleteඔච්චරම අමාරු නම් පොත මිලට ගන්නෙ නැතුව ඉන්න එකනෙ තියෙන්නෙ
ReplyDeleteමීට ඉස්සර වෙලත් මොකක්ද මහා හෙලිදරව් කිරීමක් කළා නේද ? විහිළු නං මතක හිටිනවා ඒත් මේ වගේ ගොං පාට් ඉක්මනින් අමතක වෙනවා.
ReplyDeleteමේ පාර එකවත් මතක තියාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනි.
මොළේ නැත්නං මතක තියෙන්නේ කොහෙද?
Deleteසුරංගනා කතාවක් වෙන්න ඇති.
ReplyDeleteWechcha dey hariyatama danney sarwabaladari deviyo. habyi bomba pupurapu dawasey eya agaharu grahayata gihilla hitiyalu wife wa balanna, Eka nisa update nathuwa athi. hama deyma wenney deviyangey kamaththatanam mey balu wadey wela thiyenneth deviyangey kamaththata. ekaney thamangey anugamikayo palli athuley kuduwela yanna deela ahakabalagena idala thiyenney. Lajjai deviyo. Kelawunama anduwa responsible, wadey waradunanam deviyata siyaluma lakunu. Logu pimpiyangey samanala katha.
ReplyDeleteI’m pretty sure that Gommanpila was also involved in the Easter bombing incident. The CID should investigate him and arrest him—along with others around him—if there is evidence. Gommanpila seems to think the public are fools who will simply believe whatever he or his associates say. These third-rate politicians should be brought to justice.
ReplyDeleteIf you're so sure that Gammanpila was also involved in the Easter bombing, why do you waste time here writing nonsense without going to CID and making a formal complaint against Gammanpila? If you've evidence and don't give it to the authorities, it only shows your utter stupidity.
DeleteGiya auruddeth me choon ekama dunna jepi dobiyantama..me auruddeth ekama denawa ..unta ithin somaliyawata pan damma wage thama.paasku naatake..
ReplyDeleteඅන්න කට්ටියක් සිරිල් ගාමිනීටයි, රවියටයි, ශානියටයි නඩු දාන්න යනවා. ඒක මරු! අර සිරිල් ගාමිනී කියන බැල්ලිගෙ පුතාව ඇතුලට දාන එක නම් නියමයි. නඩු ගාස්තුවලට මාත් අතින් ගානක් දෙනව.
ReplyDeleteඒක පට්ට! ඌට ලෝගුවෙ රෙවෙන්ඩ දෙන්ඩ ඕනෙ.
Deleteමෙම පොතට හොඳ ඉල්ලුමක් තියෙයි. Amazon.com එකට දැම්මොත් මමත් පොතක් ගෙන්න ගන්නවා.
ReplyDelete