ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති පාදක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟතාව ලබා දී තිබේ.
ඒ අනුව, පහත දැක්වෙන උප වැඩසටහන් 05 යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 620 ක් සම්පාදනය කර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
- වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100
- ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ශක්තිමත් සහ ඇතුළත් මුල්‍ය පසුබිමක් ගොඩනැගීමේ වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 220
- ජල සම්පාදන සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100
- ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා අවස්ථාව ලබා දීමේ සංවර්ධන වැඩ සටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100
- කෘෂිකාර්මික වටිනාකම් දාම මුල්‍යකරණය වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතිය - ඇමෙරිකානු ඩොලර් මිලියන 100

Naya arann project karana ekan kajjakda kiyalath ahuwa wage kaudooo
ReplyDeleteනය අරන් වැඩ කරන්නනම් ආණ්ඩුවක් ඕනද? අර කොන්ත්රාත්කාරයෙකුට කිව්වනම් ලස්සනට කරාවි. උන්ට දැනීමත්, පලපුරුද්දත් දෙකම තියෙනවා නේ. මේ පචෝරිස්ලට කිසිම වැඩකට ඇති දෙයක් ගැන දැනීමක්වත් පලපුරුද්දක්වත් නැහැනේ.
ReplyDelete