පවතින අධික ඉල්ලුම හමුවේ දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ යතුරුපැදි, මෝටර් රථ සහ අනෙකුත් වාහන සඳහා විවිධ මිල සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරේ.
පිරවුම්හල් හිමියන් සඳහන් කරන්නේ පෝලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ඉන්ධන ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
එසේ වුවද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, ඇණවුම් කරන ලද ඉන්ධන තොග අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් ඔවුහු අවධාරණය කරති.
ඉන්ධන ප්‍රවාහනය කිරීමට ගතවන කාලය හේතුවෙන් පිරවුම්හල් වෙත තොග ලැබීමේ යම් ප්‍රමාදයක් පමණක් පවතින බව ද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, මාසයකට අධික කාලයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ වන විට මෙරට සතුව පවතින බවයි.
ශ්‍රී ලංකාව මැදපෙරදිග කලාපයෙන් ඉන්ධන ඇණවුම් නොකරන අතර, වර්තමානයේ ඉන්ධන ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පමණක් බව ද සංස්ථාව පෙන්වා දෙයි.
යම් හෙයකින් අමතර අවශ්‍යතාවක් මතු වුවහොත් නයිජීරියාවෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

පෝලිම්වල තැපල හරි ටිකටිකවත් ගහගනිල්ලා, නැත්නම් හද්ද අනාථයි.
ReplyDeleteදැන් සැපද ????????
ReplyDeleteගොන් බයියො ආණ්ඩුවට බැන බැන තෙල් පෝලිමේ ඉන්නවා. මේ පෝලිම් හැදුනෙ තොපේ ගොන්කම නිසා මිසක් ගෝඨාගෙ කාලෙ වගේ තෙල් නැති වුණ නිසා නෙවෙයි. මම නම් ලබන සතිය මැද වගේ මෝඩයින්ගෙ පෝලිම ඉවර වුණාම තෙල් ගහනවා.
ReplyDeleteකුහක ජෙප්පො හැම තැනම ප්‍රශ්න හදනවා. ඒ අස්සෙ මෝඩ බයියොත් ප්‍රශ්න ඇති කලාම සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි.
මිනිස්සු ඉන්ධන ගන්නේ මිනිස්සුන්ට පාවිචි කරන්න . නැතුව සේප්පුවේ දාන්න නෙමෙයි නේ . රජයේ වගකීම මිනිස්සුන්ට අවශ්‍ය දේ අවශ්‍ය පමණට අවශ්‍ය ඕනෑම වෙලාවක දෙන එක . බැරිනම් පුවන් කෙනෙක්ට දීලා යන එකයි . පර ජෙප්පොන්ට කල කම් පළ දෙන කාලේ ලං වෙනවා . කොහොමද බෙරේන් නාවලා සඳ ගුටි දීලා බිජ්ජ තලලා සැප ලැබෙනකොට
Delete