මැදින් පුර පසළොස්වක පොහෝ දින (02) ගෞතම ශ්‍රී පාදස්ථාන කරුණා කිරිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී පාද උඩ මළුවවේ ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පිංකම් රැසක් පැවැත්වේ.
එසේ පැමිණි වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සීත ගගුගේ සිට උඩ මළුව දක්වාම දිගු පෝලිම්වල පැය ගණනතක් රැදී සිටි අතර, ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාද පද්මය කරුණා කිරිමට නොහැකිව ආපසු පහළ බැස ඇත.
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරිමෙන් පසු හැටන් මාර්ගය ඔස්සේ පැමිණි වැඩිම වන්දනාකරුවන් පිරිස (01) දින පැමිණි බවත්, ශ්‍රි පාද රත්නපුර මාර්ග ඔස්සේද විශෘල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද අඩ මළුව දක්වා කරුණා කල නිසා මෙම තදබදය ඇති වූ බවයි පොලිස් න්ළධාරින් කියා සිටියේ.
වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියලුම රථ ගාල්වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් දක්වා කිලෝමෟටර් 6ක් දුරට මාර්ගය දෙපස ගාල් කර තිබුණි.
- රංජිත් රාජපක්ෂ
