ඉරාන යුද්දය අතහරිනවා.. හෝමුස් අවශ්‍ය අය එය රැකගන්න..- ට‍්‍රම්ප්

 


ඉරානය සමඟ පවතින යුද්ධය සම්බන්ධයෙන් කිසිදු සටන් විරාමයකට එළඹීමට තමන් උනන්දු නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.

සති තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලෙන මෙම යුද්ධයේදී ඇමරිකානු හමුදා සිය ඉලක්ක සපුරා ගැනීමට ඉතා ආසන්න බවත්, එබැවින් මැදපෙරදිග සිදුකරන හමුදා මෙහෙයුම් ක්‍රමයෙන් අඩු කිරීමට (winding down) සලකා බලමින් සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ධවල මන්දිරයේ සිට ෆ්ලොරිඩා බලා පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ ට්‍රම්ප් කියා සිටියේ, අනෙක් පාර්ශවය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින මොහොතක සටන් විරාමයකට යාම තේරුමක් නොමැති බවයි. "ඔවුන්ට නාවික හමුදාවක් නැහැ, ගුවන් හමුදාවක් නැහැ, කිසිදු යුධ උපකරණයකුත් නැහැ. යුධමය වශයෙන් ඔවුන් දැන් අවසන්," යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළඳපොළේ ද දැඩි පසුබෑමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. මේ සම්බන්ධයෙන් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමේ වගකීම එය භාවිතා කරන අනෙකුත් රටවල් විසින් භාරගත යුතු බවයි. නේටෝ (NATO) සංවිධානය මේ සඳහා සහය වීමට තරම් නිර්භීත වී නැති බවට ද ඔහු චෝදනා කළේය.

ඉරානය තුළට පාබල හමුදා නොයවන බවට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණද, පෙන්ටගනය විසින් තවත් මැරීන් භටයින් 2,500ක් මැදපෙරදිග කලාපයට යැවීමට පියවර ගෙන ඇත. මෙය පසුගිය සතිය තුළ සිදුකළ දෙවන හමුදා යෙදවීම ලෙස වාර්තා වේ.

යුද්ධය කඩිනමින් අවසන් කළ හැකි වුවද, තම හමුදා ප්‍රහාරයන් දිගටම පවත්වාගෙන යන බවත්, ඉරානයෙන් එල්ල වන තර්ජනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම තම අරමුණ බවත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත


13 Comments

  1. මූ වගේ කබරයෙක් කොන්ද පන තියෙන නායකයො ඉන්නවනම් මූට ගහන්න ඕනේ
    කිම් ජොන් උන්

    ReplyDelete
  2. මූ වගේ පිස්සෝ ජනාධිපති කරපු උන් අමු පිස්සෝ. කාලකන්නියෙක් ලෝකයේ පවට පහල උන​

    ReplyDelete
    Replies
    1. පිස් සො තමයී එදා හිටපු ඉරාන ජනතාව.මෝඩයන් වගේ අන්තවාදීන්ට අහු උනා.මෙහෙ ඉන්න මෝඩ යෝ උන්ට කඩේ යනවා

      Delete
    2. ඇමෙරිකාව කියලා වෙනසක් නෑ, ලක්ෂ හැට අටක් එහෙත් ඉඳලා.

      Delete
  3. ට්‍රම්ප් මේ සටන් කරන්නේ නිදහස් ලෝකය වෙනුවෙන් අන්තවාදීන්ට පර මා නු ක ආයුධ තිබෙනවා කියන්නේ මුළු ලෝකයට අනතුරේ බවයි එය ඉරාණය ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා. මොවුන් වෙනුවෙන් කඩේ යන්නේ ඉස්ලාමික අන්තවාදීන් .ඔවුන් හදුනා ගන්න හොඳ අවස්ථවක් මෙය.රජැ මෙය හොඳින් සිදු කරා බටහිර ලෝකය සමග පමන යි අපිට බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. රෙද්ද තමයි. මේ වගේ මිනී මරු ලෝකයම විනාශය කරා අරගෙන යන pissekuta කඩේ යන ubage මොලේ පරීක්ෂ කර ගනින්

      Delete
  4. ප්‍රධාන හේතුව - ඊශ්‍රයලේට ඕනේ උන්ගේ රට මැද පෙරදිග බලවත්ම රට වෙන්නයි තව ලොකු වෙන්නයි. අනෙක් රටවල් කොන්ද පණ නැති උන්. උන් දැනටමත් දෙකට නැමිලා ඉන්නේ. එකම බාධාව ඉරානේ. ගුලියක් බැස්සුවා ඇමෙරිකාවට ඉරානේ තෙල් ටික අල්ල ගන්න පුළුවන් කියල. ඇමෙරිකාව ගැහුවා.
    ඒ උනාට ඊශ්රයාලේ ඉරනෙ තෙල් ළිං වලට ගැහුවා.
    දැන් ඇමරිකාව හාරන්නේ අලද? යුද්ධෙ පාඩු හින්ද නවත්තනවා.

    ReplyDelete
    Replies
    1. අන්රයියා තමා ට්රම්පච්චිට උපදෙස් දෙන්නේ.

      Delete
    2. අනේ උඹේ පුංචි මොළේ හිතුවද එහෙ යුද්ධ කරන්න සැලසුම් හදන්නේ උඹ වගේ උගත් කමක් නැති ත්‍රීවීල් කාරයෝ කියලා.. ලංකාවේ මුස්ලිම්අvන්තවාදීන් කඩේ යන්නේ iran එකට නමුත් ඒ රටේ මිනිස්සු ට්‍රම්ප් ට හු රේ දානවා මොකදb

      Delete
  5. පර අන්තවාදී ඉස්ලාමීය රෙජීම පරදවන ට්‍රම්ප් 👍

    ReplyDelete
  6. දරුණු ලෙස අනිසි ලෙස හැසිරෙන පිස්සු හුත්තෙක් 🤮 මිත්‍යාදෘෂ්ටික, සල්ලාල බල්ලෙක් 🤮 දැඩි ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර කරන උග්‍ර මානසික රෝගීන් රඳවා සිටින රෝහලක සිටිය යුතු උග්‍ර මානසික රෝගියෙක් දේශපාලනයට ඇවිත් කරන විනාෂයක් 😡 ශිෂ්ටාචාරයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ, සියළු ජාත්‍යන්තර නීති බල්ලාට දැමූ, ඉතාමත් උඩඟු, අධි මාන්නක්කාරී පිස්සෙක් බලවත් රටක ජනාධිපති වුණාම කරන මහා යුධ අපරාධ 😡🤮 තොපි වැඩි කල් නටන්නේ නෑ, දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා ලෝකය පුරා වැපිරූ භීෂණ වල, ඝාතන වල අස්වැන්න තොපිට නෙලාගන්ව සිදුවෙන කාලය වැඩි ඈතක නෑ 😡🤮🤮🤮

    ReplyDelete
  7. මූණ සහ හිස කෙස් පෙන්නලා ඇඳුම්ඇන්දා කියලා තරුණ කාන්තාවන් ගහලා මරණ iran ආණ්‌ඩුවට කඩේ යන්නේ ඒ ජාතියේම අන්තවාදී අදහස් දරණ උන් උන් ව හදුනා ගන්න හොඳ අවස්ථාවක් මෙක

    ReplyDelete
Previous Post Next Post