බස් දෙකක් හැපී මාරක අනතුරක්.. හතරක් මරුට... හතලිහක් රෝහලේ...



අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල, තුරුසෙවණ මංසන්ධිය අසලදී අද පෙරවරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත 

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක් සහ තිස්සමහාරාමයේ සිට කරාපිටිය බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති අතර, තුවාල ලැබූවන් වහාම ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. තුවාලකරුවන් අතර කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

3 Comments

  1. රාජපක්ෂලා පාරවල් හදපු වැරැද්ද . එක නිසා රිය අනතුරු වෙනවා .

    ReplyDelete
  2. කාලකන්නි ඩ්‍රැයිවර්ලගෙ ඉවසීමක් නැති කම. අපරාදේ මිනිස් ජීවිත.

    ReplyDelete
Previous Post Next Post