නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපතයෙන් වූ මාර්ගයකට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත (13) දින ඇතුලත් කල බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
පස්වරු 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ නෝර්වුඩ් ගෝත්‍රී ප්‍රදේශයේදිය.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට නින්දයෑමත් සමග මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ගෝත්‍රී වතුයායට පිවිසෙන මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථය තුල සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඉන් තිදෙනෙකුට පමණක් තුවාල වී ඇතැයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන නෝර්වුඩ් පෙලිසිය කියා සිටියේ.
අනතුරින් මෝටර් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.
රංජිත් රාජපක්ෂ
