ඉරානය න්‍යෂ්ටික අවි අතට ගන්න තීන්දු කරයි...


ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ සියලුම ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කිරීමට එරට දේශපාලන නායක මොජ්තබා ඛමේනි තීරණය කර තිබේ
.

න්‍යෂ්ටික අවි සන්තක කරගැනීම ඉරානය සතු ස්වෛරී අයිතිවාසිකමක් බවත්, එය කිසිසේත්ම ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු කරුණක් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඉරානයේ උත්තරීතර නායකයා ලෙසද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව සිටින මොජ්තබා ඛමේනි ගේ මෙම තීරණයත් සමඟ කලාපීය දේශපාලන තත්ත්වය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර පැවති මෘදු පිළිවෙත බැහැර කරමින්, ඉරානය දැන් සෘජුවම න්‍යෂ්ටික බලවතෙකු වීමේ ඉලක්කය කරා ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

මීට පෙර ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කළ නායකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හමුවේ, ඉරානය සිය ආරක්ෂක උපායමාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. "මීට පෙර සාකච්ඡා කළ නායකයා ඝාතනය කර ඇති බැවින්, දැන් බෝම්බය නිපදවන නායකයා කරළියට පැමිණ ඇත" යන පණිවිඩය මෙම තීරණය හරහා ගම්‍ය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

14 Comments

  1. න්‍යෂ්ටික බෝම්බ බලය තියෙන රටවල්වල ට සුපිරි බලවතුන් ගහන්න බයයි. උතුරු කොරියාව ඊට හොඳම උදාහරණයයි. ඒ නිසා කුමේනිගේ තීරණය නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. අල් කබ්ෆා කුෆිලුල්ලා කහ්පුෆ් සකබස්ෆි මුල්ලල්ලාහ්.

      Delete
    2. takhshaa alduwal alati tamtalik 'aslihatan nawawiatan min altaearud lihujum min alquaa aleuzmaa, wakuria alshamaliat khayr mithal ealaa dhalika. lidha, kan qarar alkhumayni saybaan.

      Delete
    3. තෝ ගොනා නිසා මොනවත් කියලා වැඩකුත් නෑ

      Delete
    4. තොපේ ඔය මෝඩ අරාබි වචන වැඩක් නෑ මෙක ඔය මොට්ට මොටා ඉල්ලන් විනාශ වෙන්න ගහන PresidentTrump ට ගහන්න බලය දෙන මෝඩ තිරණයක්. ඇමරිකානු මිසයි ල එනකොට ඔය වචන කියපන්

      Delete
  2. So what Trump said is correct as these morons have killer insane weapons that can harm the whole world

    ReplyDelete
    Replies
    1. Killer insane weapons were introduced to the world by USA. Every other nations have a right to follow the big boss

      Delete
    2. 'කිනිතුල්ලා වල් කමේනි' ජිහාඩ් හම්බාවා

      Delete
  3. Ekama deviyage moda haththa dekata /thunata bedila sundara lokaya vinasa karanawa. sarwabaladari deviyani, dan oba panivida ewuwa athi, Niyojithayo ewuwa athi, dan uba waren eliyata. apita puduma asawak thiyenney poiya pachawenawa dakinna. Mun degollo maragannawa deviyo, Poth liyapu ewun lassanata pachaya wedillak karala thiyenawa ungey mathaya pothata dala.

    ReplyDelete
  4. වැඩි කල් යන්න කලින් මොකෙක් හරි රතු බොත්තම ඔබයි. එහෙන් වයිට් සුප්‍රමසි, අනිත් පැත්තෙන් මුස්ලිම් අන්තවාදය, තව පැත්තකින් උතුරු කොරියාවෙ පිස්ස. හොද වෙලාවට අපේ රටේ නියුක් නෑ. තිබ්බනන් ගොන් ජෙප්පො ඉන්ග්‍රීසි කියන්න ගිහින් වරද්දගෙන ට්‍රරම්ප් කාරය අපිට නියුක් එකක් එවනව.

    ReplyDelete
  5. තේරූනේ දැන් ද

    ReplyDelete
  6. මේ දෑස මගේ පින්වන්තයි තේරුණේ දැන් තමයි රන් රූපේ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි
    මේ දෑස මගේ පින්වන්තයි
    ..
    ළඟ දුනුකේ මලකී දුර මානෙල් මලකී උඩවැඩියා මලකී මල් මැද මල් ළඳකී //

    ReplyDelete
  7. රටේ මිනිස්සු හාමතේ .. කයිවාරුව විතරයි .. කට පුරෝලා කන ගමන් ගහන පුස් වෙඩි 😂😂😂

    ReplyDelete
Previous Post Next Post